"මගේ රුව සහිත කටවුට්‌ ගලවන්න"
අගමැති ලේකම්ට රනිල්ගෙන් උපදෙස්‌

අකිත පෙරේරා

තමන්ගේ රුව සහිතව ප්‍රදර්ශනය කර ඇති සියලුම කටවුට්‌ වහාම ගලවා ඉවත් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලේකම්වරයාට උපදෙස්‌ දී ඇත.

දින සියයේ ප්‍රගතිය සඳහන් කටවුට්‌ ඇතුළු තම රුව ඇතුළත් අනෙකුත් කටවුට්‌ ඉදිරි මහ මැතිවරණයේ නාමයෝජනා ලබාදීමට පෙර ගලවා ඉවත් කරන ලෙස ද අගමැති ලේකම් සමන් ඒකනායක මහතාට අගමැතිවරයා විසින් උපදෙස්‌ දී තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.