මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ප්‍රකාශයට පත් කිරීම
අද ජනපති ප්‍රධානත්වයෙන්


කුෂාන් සුබසිංහ සහ චමින්ද සිල්වා

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ යටතේ අද (9 දා) සිට ලබන මස 8 වැනිදා දක්‌වා කාලය මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ලෙස ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිද කිරීමට නියමිතය.

ජාඇල නගර සභා ක්‍රීඩාංගණයේදී අද පෙරවරු 10.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා ඊයේ (8 වැනිදා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එම ප්‍රකාශයට සමගාමීව අද දිනයේ දිවයිනේ සියලු පාසල්වල ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩය ප්‍රකාශ කෙරෙන බවත් මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ ජනාධිපතිsවරයාගේ එස්‌එම්එස්‌ පණිවිඩ නිකුත් කිරීම සිදුවන බවත් ජනාධිපති අතිරේක ලේකම් කිංස්‌ලි ප්‍රනාන්දු මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

පූජ්‍ය පක්‍ෂය, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, මැති ඇමැතිවරුන්, පාසල් ළමුන්, ප්‍රදේශවාසීන් ඇතුළු පන්දහසක පමණ පිරිsසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වනු ඇතැයි අපේක්‍ෂා කරන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා එහිදී කීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.