උදරාබාධයට ප්‍රතිකාර ගත් කත රෝගය උත්සන්න වී මරුට

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

උදරයේ ආබාධයකට ආයුර්වේද ප්‍රතිකාර ලබාගත් ගල්නෑව, උස්‌ගල හල්මිල්ලෑව ප්‍රදේශයේ කාන්තාවක්‌ රෝගය උත්සන්න වීම නිසා මරුමුවට පත්ව ඇත.

ගල්නෑව උස්‌ගලහල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි තිස්‌තුන් හැවිරිදි ජී. ඩබ්ලිව්. උදේනි ප්‍රියංකා ගලහිටියාව නමැති කාන්තාවක්‌ මෙලෙස මියගොස්‌ තිබේ.

උදරයේ ආබාධයකට ඇය ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, පසුව අසාධ්‍යව පෙරේදා (7 වැනිදා) සවස ප්‍රතිකාර ලබා ගැනීම් සඳහා ගල්නෑව රෝහලට ඇතුළත් කොට ඇත.

අනතුරුව පැය තුනකින් පමණ ඇය මියගොස්‌ තිබේ.

මරණය පිළිබඳව සැකයක්‌ පවතින බවට ඥතීන් පැවැසීම නිසා ඒ සම්බන්ධයෙන් නිගමනය කර ගැනීම සඳහා ඊයේ (8 වැනිදා) පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට නියමිතව තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.