වල්ලපට්‌ට සමග
චීනෙක්‌ මීගහතැන්නේදී කොටුවෙයි


වලල්ලාවිට - නිමල් දයානන්ද

වල්ලපට්‌ටා තොගයක්‌ සමග චීන ජාතිකයකු අත්අඩංගුවට ගැනීමට මීගහතැන්න පොලිසිය පසුගිය 5 දා සමත් විය.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ චෑන් දි චූවින් නමැති (38) පුද්ගලයෙකි. මීගහතැන්න පොලිසියේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක්‌ අනුව මෙම වල්ලපට්‌ටා තොගය අධි සුඛෝපභෝගී මෝටර් රථයකින් (හයිබ්‍රිඩ්) ප්‍රවාහනය කරමින් සිටියදී පසුපස ලුහුබැඳ ගොස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

මීගහතැන්න පොලිස්‌ ස්‌ථානාධිපති දමිත් ජයතිලක, උ.පො.ප. නාරම්පනාව, පො.කො. අබේසුන්දර, පො.කො. කරුණාරත්න යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

මේ පිළිබඳ විමර්ශන මීගහතැන්න පොලිසිය සිදුකරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.