මස්‌කෙළිය එජාප බල මණ්‌ඩල
රැස්‌වීමක්‌ 10 දා

හැටන් - මනුර සුදත් සෙල්ලහේවා

මස්‌කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ එක්‌සත් ජාතික පක්‍ෂ බල මණ්‌ඩල විශේෂ රැස්‌වීමක්‌ මේ මස 10 වැනිදා හැටන් සී. ඩබ්. එෆ්. (CඋF) ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම රැස්‌වීම මස්‌කෙළිය එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම බල මණ්‌ඩල රැස්‌වීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන හැටන් දික්‌ඔය නගර සභාවේ හා අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයන් හා බල ප්‍රදේශයේ එක්‌සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරීන් පිරිසක්‌ ද සහභාගිවීමට නියමිතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.