විඡේපුරදී සහ පුබුදුපුරදී
මත්කුඩු සමඟ දෙදෙනෙක්‌ මාට්‌ටු


අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

අනුරාධපුර විඡේපුර සහ පුබුදුපුර යන ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් හත්සියයක ප්‍රමාණයක්‌ සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු අනුරාධපුර කොට්‌ඨාස පොලිස්‌ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් 6 දා සවස අත්අඩංගුවට ගෙන ඇත.

එම ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එම්. එස්‌. කුමාරසේන මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකොට ඇත.

විඡේපුර නවය ඇළ පාරේ පදිංචි පුද්ගලයකු හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 650 ක්‌ සමඟද පුබුදුපුර කඩ පහ ප්‍රදේශයේදී තවත් අයකු හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 50 ක්‌ සමඟද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පෙරේදා සවස (7 දා) අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.