ආදිවාසී දිනය අද දඹාන ගම්මානයේදී

මහියංගනය - රංජිත් කරුණාවීර

බිබිල රතුගලදී පැවැත්වීමට නියමිතව තිබූ මෙවර ලෝක ආදිවාසී දින සැමරුම දඹානේදීම පැවැත්වීමට සියලු දෙනාගේ එකඟතාවයෙන් තීරණය කර තිබේ. සියලු ආදිවාසී ගම්මානවල නායකයන් දඹාන කොට බකිනිය ගම්මානයේ ආදිවාසී සංස්‌කෘතික මධ්‍යස්‌ථානයට පසුගිය (03 දා) උදැසන රැස්‌වූ අතර ඒ සඳහා හේනානිගල, රතුගල, වාකරේ, වැදි නායකයෝ පැමිණ සිටියහ. විශ්වකීර්ති වනස්‌පති දඹාන ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්වූ අතර ලෝක ආදිවාසී දින සැමරුම් දිනය ආසන්නයේ මැතිවරණ ක්‍රියාවලිය සිදුවන බැවින් රාජ්‍ය අනුග්‍රහය ලබාගැනීමට අසීරු වෙතැයි තීරණය කළ අතර ඒ හේතුවෙන් ඉතා චාම් ආකාරයෙන් දඹාන කොට බකිනිය ගම්මානයේදී ආදිවාසී දින සැමරුම පැවැත්වීමට සියලු නායකයන්ගේ එකඟතාවය ලැබිණි.

ඒ අනුව අගෝස්‌තු 09 වැනි දින විශ්ව කීර්ති වනස්‌පති දඹාන ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් දඹාන ආදිවාසි ගම්මානයේදී මෙවර ලෝක ආදිවාසි දින සැමරුම පැවැත්වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.