දකුණු අප්‍රිකානු වනෝද්‍යානයේ අලි පැටියාගේ "බ්රේක්‌ ඩාන්ස්‌"

දකුණු අප්‍රිකාවේ කෘගර් වනෝද්‍යානයේ ගමන් කළ ඡායාරූප ශිල්පී ග්‍රේටේ මිචෙලිට මාර්ගයේ නැටුමක යෙදෙන අලි පැටියෙක්‌ දැක ගැනීමට ලැබුණි.

අලි පැටවුන් රැසක්‌ වනෝද්‍යාන මාර්ගය හරහා ගමන් කරන අතර මෙම අලි පැටියා හිටි හැටියේ මාර්ගය මැද නතර වී බ්රේක්‌ ඩාන්ස්‌ නැටුමක යෙදුනු අයුරු ඔහු ඡායාරූප ගත කළේය.

අලි පැටියකු නැටුමක යෙදෙන අයුරු දුටු මුල් අවස්‌ථාව මෙය යෑයි ග්‍රේටේ පැවසීය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.