බ්‍රිතාන්‍ය අගමැති කැමරන්ට එරෙහිව පෙත්සමක්‌ අත්සන් කළ
බී. බී. සී. රූපවාහිනී ප්‍රධානියාට ඉල්ලා අස්‌වන්නැයි බලපෑම්

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ට එරෙහිව රූපවාහිනී නළු නිළියන් 29 ක්‌ ලවා පෙත්සමක්‌ අත්සන් කිරීමට ක්‍රියා කළ බී.බී.සී. රූපවාහිනී ප්‍රධානියාවු ඩැනි කොහෙන්ට ඉල්ලා අස්‌වන ලෙස බලපෑම් එල්ල වී ඇත.

බී.බී.සී සේවාව ප්‍රතිශෝධනයකට ලක්‌විය යුතු යෑයි මෙම පෙත්සමේ දක්‌වා තිබේ. මෙම පෙත්සමට අත්සන් කළ නළු නිළියන් අතර ඡේම්ස්‌ බොන්ඩ් කළු ඩැනියෙල් ක්‍රෙස්‌ද වේ.

ඩැනි කොහෙන් බී. බී. සී. යේ නීතිරීති උල්ලංඝණය කර ඇතැයි බී. බී. සී. බලධාරීහු පවසා ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.