අයි එස්‌ අයි එස්‌ සංවිධානයට එක්‌ වූ
පළමු ශ්‍රී ලාංකිකයා ගුවන් ප්‍රහාරයකින් මරුට


කීර්ති වර්ණකුලසූරිය - චතුර පමුණුව

සිරියානු රජයට එරෙහිව අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට බැඳී සටන් වැදි පළමු ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයා ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත්ව ඇත.

ගලේවෙල උපන් මොහු කරාටේ කළුපටි දිනාගත් අයකු වන අතර දරුවන් හයදෙනකුගේ පියෙකි. 37 හැවිරිදි මොහුගේ නම අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය හඳුන්වා ඇත්තේ අබු ෂුරේන්a සයිලානි ලෙසයි.

මියගිය පුද්ගලයාගේ මස්‌සිනා විසින් මේ සිද්ධිය තහවුරු කර ඇති බව සමාජ වෙබ් අඩවි ජාලය කියයි.

මියගිය තැනැත්තා අරාබි, උර්දු, සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා හොඳින් කතා කළ හැකිs පුද්ගලයෙකි.

ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත් මෙම ශ්‍රී ලාංකික අයි එස්‌ ත්‍රස්‌තයකු වූ යළිත් නමැත්තා ගැන ඉන්ටර්පෝල් පොලිසිය පරීCක්‍ෂණ අරඹා ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.