රුක්‌මණී නැති සොවින් දෙනෙත් පියාගත් එඩී

1943 ජනවාරි මාසයේ දිනයකි. මීගමුව ද`ථවාකොටුවේ සොහොන්පිටිය අසල මාර්ගය ඝන අන්ධකාරයෙන් පිරී පවතී. දාමරිකයන් තිදෙනෙක්‌ සම`ග එඩී ජයමාන්නත් ඔහුගේ මිත්‍ර තිසේරාත් ම`ග බලා සිටිති. මේ මහ රෑ මොවුන් රැක සිටින්නේ රූමත් තරුණියක්‌ පැහැරගෙන යාමටය. ඈ අන් කවරකු හෝ නොව ඩේසි ඩැනියෙල්ය. කවුරුත් දන්නා රුක්‌මණී දේවියයි.

උපන්දින සාදයක ගී ගයා රුක්‌මණී සිය නැගණිය සම`ග මෝටර් රථයෙන් පැමිණේ. නැගණිය රුක්‌මණීගේ සෙවණැල්ල මෙනි. තම සොයුරිය පැහැරගත් බව ඇයට ඒත්තු ගැන්වීමට එඩී මෙම සැලැස්‌ම දියත් කළේය. මෝටර් රථය සොහොන් පිටිය අසලය. එය පදවන්නේද එඩීගේ මිතුරෙකි. තිසේරා පාර මැදට පැන්නේය. රියෑදුරා රිය නතර කළේය. ඉදිරිපස දොර ඇර රියෑදුරුට පහරක්‌ එල්ල කළ තිසේරා ඔහු එළියට ඇද දැම්මේය. දාමරිකයන් තිදෙනා රුක්‌මණී සහ සොයුරිය අල්ලා ගත්හ. එඩී වහා දිවවිත් රුක්‌මණීව ඇද සිය රථයට දමා ගත්තේය. තිසේරා සහ දාමරිකයෝ රුක්‌මණීගේ නැගණිය ඇගේ නිවස අසලින් දමා පැනගත්හ.

චිත්‍රපට ජවනිකාවක්‌ රූගත කරන්නාක්‌ ලෙසින් සිදුවූ මෙම සිද්ධිය ඒ රාත්‍රියේම පොලිස්‌ පොතේ සටහන් විය. මීගමුව පොලීසිය ඒ මොහොතේම පිටස්‌තර පොලීසිවලට දැනුම් දුන්නේ සැකකරුවන් දුටුතැන අත්අඩංගුවට ගන්නා ලෙසය. පසුදින සිද්ධිය ලැව් ගින්නක්‌ සේ පැතිර යද්දී එඩී රුක්‌මණී යුවළ සිටියේ එවක දේශපාලඥයෙකුව පසුකාලයේදී මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයාවූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නිවසේය.

තමන් රුක්‌මණී දේවිය සම`ග විවාහවූ අයුරු චිත්‍රපට ජවනිකාවක්‌ බ`දුයෑයි කොක්‌හඬලා සිනාසෙමින් එඩී ජයමාන්නයන් වරෙක මා සම`ග සියල්ල අනාවරණය කළේ එළෙසිණි.

තිස්‌ස නාගොඩවිතානගේ Z§" ටී.වී. මාධ්‍ය ජාලය ඔස්‌සේ පසුගිය දිනෙක විකාශයවූ පැරැණි චිත්‍රපටයක එඩී ජයමාන්න ර`ගපාන අයුරු බලා සිටි තරුණයෙකු "මෙවැනි දක්‍ෂ න`ථවන් අද අපට දැක ගන්න නැහැනේ" යෑයි කීය. මෙය ඇසූ මා නිවසට පැමිණ එඩී ජයමාන්aන මියගිය දිනය සොයා බැලූවෙමි. දිනය 1981 ජූලි 25 ය. ඔහු අප අතැර ගොසින් හෙටට අවුරුදු තිස්‌ හතරකි.

දොන් එඩ්වඩ් වික්‌ටර් වන්නිආරච්චි ජයමාන්න, ජයමාන්න පවුලේ බඩ පිස්‌සාය. මීගමුව කෲස්‌ මඩමෙන් මුල් පොත කියෑවූ එඩී, මීගමුව මාරිස්‌ටෙලා විදුහලෙන් සහ ශාන්ත මරියා විදුහලෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබ ගත්තේය. පාසැල් ගමන අතරම`ග නතර කළ හේ දෙමව්පියන්ට හොර රහසේ උත්සවවලට ගොස්‌ හාස්‌යෝaත්පාදක රංගනයන් ඉදිරිපත් කර ප්‍රෙAක්‍ෂකයා සතුටට පත් කළේය. එඩීගේ වැඩිමහල් සොයුරාවූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ "භයානක පොරොන්දුව" නාට්‍යයේ එඩී ර`ගපෑවේ කාන්තා චරිතයකි. එකළ කාන්තාවන්ට ර`ගපෑම් තහනම්ව පැවති නිසා ඔහුට කාන්තා චරිතය ර`ගන්නට සිදුවිය. එඩීගේ ප්‍රථම ප්‍රසිද්ධ රංගනය එය විය. මේ අතර එඩී යූ. ඒ. එස්‌. පෙරේරා, සිරිසේන විමලවීර, සිරිල් පී. අබේරත්න වැනි අය නිපදවූ ගුවන් විදුලි නාට්‍යවලටද දායක විය. 'මැණිකා' චරිතය ර`ගමින් වේදිකාවට ආ එඩී තම සොයුරා හැදූ සෑම නාට්‍යයකම ර`ගපෑවේය. "කඩවුණ පොරොන්දුව" ප්‍රථම කතානාද චිත්‍රපටයේ සිට "පෙරළෙන ඉරණම", "හදිසි විනිශ්චය", "සැ`ගවුණ පිළිතුර", "උමතු විශ්වාසය", "කැලෑහ`ඳ", "අයිරාංගනී", "මතභේදය", "පෙරකදෝරු බෑණා", "දොස්‌තර", "සිරියලතා", "සූරසේන" ඇතුළු චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවක විවිධ චරිත නිරූපණය කළේය. සිනමාවට එඩී තුළ තිබූ ආශාව කොතෙක්‌දැයි කිවහොත් ඔහු තම "ජයරුක්‌" නිවස උකස්‌ තබා "සිරියලතා" චිත්‍රපටය නිපදවූවේය.

ප්‍රථම අඹුසැමි සිනමා න`ථනිළි යුවළ වූ එඩී රුක්‌මණී දෙපළ අඹුසැමියන් ලෙස ර`ගපෑවේද එක්‌ චිත්‍රපටයක පමණි. ඒ "අන්දරේ" ය.

බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න වේදිකාවේත්, සිනමාවේත් තාත්වික රංගනයට මුල්තැන දුන්නේය. "අන්දරේ" චිත්‍රපටයේ එඩීට පොළොවේ වැලි කෑමේ ජවනිකාවකට පෙනී සිටින්නට සිදුවිය. "මල්ලී මේ සීන් එක තාත්විකව කරන්න ඕනෑ..." බී.ඒ.ඩබ්ලිව්. උපදෙස්‌ දුන්නේය. එඩී හිස සලා එක`ග විය. එඩී විකටයෙක්‌ පමණක්‌ නොව කපටියෙක්‌ ලෙසද සිනමාකරුවන් අතර මතයක්‌ විය. ඔහු චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු හමුවී ඉල්ලීමක්‌ කළේය.ඒ අනූව වැලි ගොඩ මැදට සීනි පමණක්‌ දමා අතුරන ලදී. දැන් අන්දරේ වැලි කන අවස්‌ථාවය. බී.ඒ.ඩබ්ලිව්. "ඇක්‌ෂන් කට්‌Z යෑයි කීය. එඩී හො`දට වැලි කෑවේය. එඩී කෑවේ වැලි නොවන බව නොදත් බී.ඒ.ඩබ්ලිව්. "මල්ලී... අගේට කළා... මම හිතුවේ නෑ උඹ වැලි කයි කියලා..."යෑයි කීවේය. සත්‍ය දත් අය සිනාසුනහ. "ඇයි මොකද..." බී.ඒ.ඩබ්ලිව්. ඇසුවේය. "බලන්නකෝ වැලි ගොඩ දිහා" අයෙක්‌ කීය. එඩී ගේ ක්‍රියාවට බී.ඒ.ඩබ්ලිව් ද සිනාසුණේය.

එඩී රුක්‌මණී විවාහයද කිතුනුවන්ට නොලද වරප්‍රසාදයකින් සිදුවිය. රහසින් පැන යන අයට කිතුනු විවාහය තහනම්ය. එහෙත් කිතුනු නායකයන්ගේ විශේෂ වරප්‍රසාදය මැද 1943 පෙබරවාරි 18 දා ජාඇල වැලිගම්පිටිය දෙව්මැදුරේදී විවාහය සිදු කෙරිණි. අවසන රුක්‌මණී දේවියගේ මරණයද සිදුවූයේ විවාහය සිදුකළ දෙව්මැදුර සමීපයේදීමය.

විවිධ උත්සවවලට දෙදෙනා එකට සහභාගී වූවත් එඩී සහ රුක්‌මණී පදිංචිව සිටියේ දෙපළකය. එදා මාතර උයන්වත්තේ පැවැති උත්සවයට එකට එක්‌ව එකම වාහනයේ ගමන්කළ දෙදෙනා උතAසවයේදී වැළඳගෙන නැටූහ. එක්‌ව රාත්‍රී ආහාරය ගත්හ. "ඩේසි එහෙනම් අපි මේ උත්සවයෙන් පස්‌සේ එකට ජීවත්වෙමු" වෙන්වීමට මත්තෙන් එඩී ඇයට කීවේය.

"හෙන්රි... මගේ ප්‍රාර්ථනා බි`ද වැටුණා... ඒත් ඈ මා එනතුරු ස්‌වර්ගයේ බලා ඉන්නවා...." එඩී මා හා කීය. රුක්‌මණී මියගොස්‌ තෙවසරක්‌ යද්දී එඩීද ස්‌වර්ගය වෙත පිටව ගියේය.

හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්‌

 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.