ලාරියුනියන් දූපතේදී හමුවූ පියාසර තටුව
මැලේසියා යානාවේ යයි තහවුරුවෙයි


අතුරුදන්වූ එම්. එච්. 370 නමැති මැලේසියා යානාවේ ගමන් බෑගයක කොටසක්‌ද ඉන්දියානු සාගාරයේ පිහිටි ලා රියුනියන් දූපතේ තිබී හමුවී ඇත.

ඩොනී බේගිව් නමැති මුහුදු වෙරළ පවිත්‍ර කරන්නා එය සොයාගෙන තිබේ. මේ අතර ඊට පෙර සොයාගත් අඩි 6 ක්‌ දිග පියාසර තටුවේ කොටසක තිබූ අනුක්‍රමික අංශය බොයින් ගුවන් යානා නිෂ්පාදන සමාගම විසින් තහවුරු කර ඇත.

මේ නිසා අතුරුදන් යානාව ඉන්දීය සාගරයේ අප්‍රිකානු මහාද්වීපයකට ආසන්න මුහුදු පත්ලේ ඇතැයි සැක කෙරේ.

ගයිරේ නමැති සාගර ප්‍රවාහයට නතුවීම නිසා එකී පියසාර තටුවේ කොටසක්‌ ලාරියූනියන් දූපතට ගොඩගසා ඇතැයි සාගර විද්‍යාඥයෝ පවසයි.

අතුරුදන් මැලේසියා යානාවේ කොටස්‌ හමුවූයේ එය අවසන් වරට පියාසර කළ ස්‌ථානයේ සිටසැතපුම් 3500 ක්‌ ඈත පිහිටි ප්‍රංශයට අයත් ලාරියූනියන් දූපතේය.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.