මැලේසියානු යානාව විනාශවීමේ යෝජනාවට රුසියාව නිශේධ බලය යොදවයි

මිසයිල ප්‍රාහරයකින් විනාශ වූ මැලේසියානු එච්. එච්. 17 යානාව සම්බන්ධව ජාත්‍යන්තර අධිකරණය මගින් විමර්ශනයක්‌ පැවැත්වීම සඳහා එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට යොමු කළ යෝජනාව රුසියාව විසින් නිශේධ බලය යොදා පරාජය කර ඇත.

මෙම යෝජනාවට පක්‍ෂය සිදුකළ ඡන්ද විමසීමට ඇන්ගෝලාව වෙනිසියුලාව සහ චීනය පැමිණ සිටියේ නැත. රුසියාව නිශේධ බලය නමැති වරප්‍රසාදය භාවිතා කළ බව එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනි සමන්තා පවර් පවසයි.

එහෙත් එම්. එච්. 17 යානාව පිළිබඳව විමර්ශනයක්‌ පැවැත්වීම සඳහා රුසියාව සහය දෙන බවද රුසියානු රජය පවසා ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.