2015 අගෝස්‌තු 01 සෙනසුරාදා

 
 

    
    Divaina Editor
    contact webmaster
   

රවිගේ රැස්‌වීම ළඟ
පාතාල වෙඩි පත්තුවේ  


මුදල් ඇමැති රවි කරුණානායක මහතා සහාභාගි වූ දේශපාලන රැස්‌වීමකට පැමිණ සිටි පාතාල සාමාජිකයන් පිරිසක්‌ ඉලක්‌ක කර ඊයේ (31) කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී වෙනත් පාතාල කල්ලියක්‌ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් රැස්‌වීමට සහභාගි වූ කාන්තාවක මිය ගොස්‌ තවත් දහහතර දෙනෙක්‌ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

වකුගඩු රෝග මඬින්නට මුරලි-ඩිල්ෂාන් එක්‌වෙති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වියදම් නොකළ මුදලින් ගොඩනැඟූ ජාතික වකුගඩු අරමුදල ශක්‌තිමත් කිරීමේ දෙවැනි අදියර ලෙස වකුගඩු සන්නාම තානාපතිවරුන් පත්කිරීම සිදු කරනු ලබයි.

භීෂණය වපුරා ඡන්දය දිනන්න උත්සාහ කරනව
එජාපයෙන් නිවේදනයක්‌

මෙවැනි බියගුළු තිරශ්චීන ප්‍රහාරයන් තුළින් අප ලැබූ යහපාලන ජය ආපස්‌සට හැරවීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව අවධාරණය කරමු. මෙම සිදුවීම පිළිබඳ කඩිනම් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ආරක්‍ෂක අංශවලින් ඉල්ලා සිටිමු.

සිවාජිලිංගම් ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ම ඉල්ලයි

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කර ඇති දේශීය යාන්ත්‍රණයටද කිසිම සහයක්‌ නොදෙන බව ඔහු වැඩිදුරටත් දන්වා ඇත.

පිටකොටුවේ මිනී බෑගය:
මියගිය කත පුද්ගලයකු සමග පැමිණ දින 7 ක්‌ ලැගුම්හලක ඉඳලා

පසුව මෙම පුද්ගලයා ගමන් බෑගයක්‌ රැගෙන යන අයුරු දුටු බව ද පොලිසියට පවසා ඇත. මෙම පුද්ගලයා සමඟ මියගිය කාන්තාව අනියම් ඇසුරක්‌ පවත්වා ඇති බවට සැක කරන්නේ යෑයි පොලිසිය ප්‍රකාශ කරයි.

'බැඳුම්කර මගඩිය'
අනිද්දා එළිදකී

මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත මේ ග්‍රන්ථය ඔහු විසින් රචනා කරනු ලබන ආර්ථික ග්‍රන්ථ මාලාවේ හත්වැනි ග්‍රන්ථයයි.


වත්මන් ජනපතිගේ සේවා මුර කාලයෙන් පසු විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණ යෙන්ම අහෝසි වේවි
- ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

අගෝස්‌තු 17 දින බලයට පත්වන එක්‌සත් ජාතික පෙරමුණු රජය යටතේ මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලයක්‌ බවට පත්කර නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සකස්‌ කිරීම සම්බන්ධයෙන් මූලික අධ්‍යයන කටයුතු මේ දිනවල සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

කළු කාර් එකකින් පැමිණි 4 දෙනකු වෙඩි තැබුවා; යළි දුටුවොත් අඳුරගන්න පුළුවන්
බ්ලූමැන්ඩල් සිද්ධිය ඇසින් දුටු ආර්. බණ්‌ඩාර කියයි

මේ කාර් එකේ පැමිණි හතරදෙනා බිමට බැහැලා  තුවක්‌කුවලින් වෙඩි තිබ්බා.
කලබල වූ පිරිස සීසීකඩ දිව ගියා. කීපදෙනෙක්‌ වෙඩි වැදී තුවාල ලබා වැටී හිටියා. වෙඩි තියපු හතරදෙනා ඒ මොහො තේම වාහනයෙන් නැඟලා පිටත්ව ගියා

ප්‍රභාකරන්ගේ ලේකම් අත්අඩංගුවට

මුල්ලිවයික්‌කාල්හිදී ප්‍රහාකරන් සමග සිටි ඔහුගේ ලේකම් බව කියන කුමාරගුරුබරන් තමිල්නාඩු රහස්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තමා ප්‍රභාකරන්ගේ ලේකම් බව ඔහු පාපොච්චාරණය කර තිබේ.

අපක්‍ෂපාතී පරීක්‍ෂණ යක්‌ කර සත්‍ය රටට හෙළිකරන්න
- ශ්‍රීලනිපය ඉල්ලයි

මෙය රවි කරුණානායක මහතාට සහාය දක්‌වන පාතාල කණ්‌ඩායම් දෙකක්‌ අතර ඇති වූ සිදුවීමක ප්‍රතිඵලයක්‌ විය හැකි බවට දැනට තොරතුරු ලැබී ඇති බව කී ඩිලාන් පෙරේරා මහතා,....

මට හූ කිව්වේ සංවිධා නාත්මක පිරිසක්‌
- ජගත් පුෂ්පකුමාර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැලියේදී තමන් ජනතාව අමතන අවස්‌ථාවේ කිහිප දෙනෙකු හූ කිව්ව ද, තමාගේ ආධාරකරුවන් ඊට නොදෙවෙනි ලෙස ජයවේවා යෑයි ප්‍රකාශ කළ බව ද ජගත් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

පවතින දේශපාලන සංස්‌කෘතිය වෙනස්‌ කිරීමෙන් පසු  දේශපාලනයෙන් මා විශ්‍රාම ගන්නවා
- ෆීල්ඩ් මාර්ෂල් සරත් ෙµdන්සේකා

අපේ පක්‍ෂයේ ප්‍රතිපත්තිය තමුන්නාන්සේලාගේ ජීවිත අභිමානයක්‌ ඇතිව ගොඩනැඟීම. තනියම කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් රටක්‌ ගොඩනැඟීමයි. ඒ නිසා අපි මේ දේශපාලනයට ආවේ රට එතැනට තල්ලු කරන්නයි.

  • ශ්‍රී ලංකාවට අවමන් කරන චැනල් 4 කොන්ත්‍රාත්තුව

    සැප්තැම්බර් 14 දා ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වන අතර ඊට දින 47 කට පෙර චැනල් 4 රූපවාහිනිය මානව හිමිකම් කවුන්සිලයෙන් සොරාගත් රහස්‌ ලියවිල්ලක්‌ එළි දැක්‌වීය. මේ රහස්‌ ලියවිල්ල යුද අපරාධ පිළිබඳ දේශීය යාන්ත්‍රණයට අදාළ එක්‌සත් ජාතීන්ගේ කෙටුම්පතවේ.

  • වැඩි වෙනසක්‌ නැතිවම
    ශ්‍රී ලංකාව ජයග්‍රහණය සොයයි

    දෙවැනි විස්‌සයි විස්‌ස තරගය අද

    අද තරගයේදී ලොකු වෙනසක්‌ කිරීමට ශ්‍රී ලංකා නායකයා වැඩි කැමැත්තක්‌ නොදක්‌වන බව පැවසුවද නුවන් කුලසේකරට තණතීරුවේ තත්ත්වය අනුව යම් හෙයකින් කණ්‌ඩායමට පැමිණිමේ අවස්‌ථාවක්‌ ඇති බවද මාලිංග පවසයි. ''මම කියන්නෙ එක්‌ තරගයක්‌ පැරදුනා කියලා කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ව අයින් කරන එක හරි නැහැ. මම ක්‍රිකට්‌ පටන් ගත්ත කාලෙත් මට තරගයක්‌ දෙකක්‌ දීලා අයින් කරානම් මම අද මෙතන නැහැ.

  • 'ජයසූරියගේ විවේචනවලට මම ගරු කරනවා'
    ලෝක කුසලානටත් චන්දිමාල් සහ
    තිරිමාන්න හිටියිද කියන්න බැහැ

    - ලසිත් මාලිංග

    ඔවුන් දෙදෙනාව අයින් කළේ නවක ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා ගැන බලන්න. මොකද තිරිමාන්න සහ චන්දිමාල්ගෙ දක්‍ෂතා මොනවද කියල අපි හොඳට දන්නවා. ලෝක කුසලානයට ඉස්‌සල්ල තියෙන්නෙ තරග 10 ක්‌ පමණයි. ඉතින් පළමු තරග හතරෙදි තමයි කවුද අපිට හොඳ නවකයන් කියල සොයා ගන්න පුළුවන්.


Kapruka Shopping |  News





 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.