වකුගඩු රෝග මඬින්නට මුරලි-ඩිල්ෂාන් එක්‌වෙති

කුෂාන් සුබසිංහ

ජාතික වකුගඩු රෝග නිවාරණ සන්නාම තානාපතිවරුන් ලෙස ලොව වැඩිම ටෙස්‌ට්‌ කඩුලුලාභී මුත්තයියා මුරලිදරන් සහ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ආරම්භක පිතිකරු ටී. එම්. ඩිල්ෂාන් යන  මහත්වරු අද පත් කෙරෙති.

එම පත්කිරීම් අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාකිස්‌තාන් පන්දුවාර 20-20 තරගයට සමගාමීව ප.ව. 6.45 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් සිදු කෙරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වියදම් නොකළ මුදලින් ගොඩනැඟූ ජාතික වකුගඩු අරමුදල ශක්‌තිමත් කිරීමේ දෙවැනි අදියර ලෙස වකුගඩු සන්නාම තානාපතිවරුන් පත්කිරීම සිදු කරනු ලබයි. වකුගඩු රෝගයෙන් ආරක්‌ෂා වීම පිළිබඳ වැඩසටහන්වලට ඔවුන් එක්‌වීමට නියමිතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.