ප්‍රභාකරන්ගේ ලේකම් අත්අඩංගුවට

කීර්ති වර්ණකුලසූරිය

මුල්ලිවයික්‌කාල්හිදී ප්‍රහාකරන් සමග සිටි ඔහුගේ ලේකම් බව කියන කුමාරගුරුබරන් තමිල්නාඩු රහස්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තමා ප්‍රභාකරන්ගේ ලේකම් බව ඔහු පාපොච්චාරණය කර තිබේ.

යාපනයේ පදිංචිකරුවෙකු වූ කුමාරගුරුබරන් ස්‌විට්‌සර්ලන්තයට පැන යාම සඳහා සිය බිරිය වූ සුදර්ශනී සමග තිරුචි ගුවන්තොටුපළේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මුල්ලිවයික්‌කාල් සටනේදී ඔහුගේ දකුණු පාදය අහිමි වීම නිසා කෘතීම පාදයක්‌ සවිකර තිබූ බව රහස්‌ පොලිස්‌ නිලධාරීහු හෙළිකර තිබේ.

මොහු සතු ගමන් බලපත්‍රයද ව්‍යාජ එකක්‌ යෑයිද අනාවරණය වී ඇත.

මොහු යුද්ධයෙන් පසු බෝට්‌ටුවකින් තමිල්නාඩුවට පැනගොස්‌ ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.