මට හූ කිව්වේ සංවිධානාත්මක පිරිසක්‌
- ජගත් පුෂ්පකුමාර

ලසිත දුමින්ද

මොනරාගල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මොනරාගල දිස්‌ත්‍රික්‌ ප්‍රධාන රැලියේදී ජනතාව අමතන අවස්‌ථාවේ හූ කිව්වේ සංවිධානාත්මක කිහිප දෙනෙකු විසින් යෑයි මොනරාගල දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක ජගත් පුෂ්පකුමාර මහතා 'දිවයින'ට පැවසීය.

මොනරාගල දිස්‌ත්‍රික්‌ රැලිය අතිසාර්ථක ලෙස පෙරේදා (31 වැනිදා) පැවැත්වුණේ තමාගේ ආධාරකරුවන් නිසා යෑයි ද හෙතෙම කීවේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැලියේදී තමන් ජනතාව අමතන අවස්‌ථාවේ කිහිප දෙනෙකු හූ කිව්ව ද, තමාගේ ආධාරකරුවන් ඊට නොදෙවෙනි ලෙස ජයවේවා යෑයි ප්‍රකාශ කළ බව ද ජගත් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් දෙපාර්ශ්වයේ ඝෝෂා මැද තමන් කතාව කළ බව ද ජගත් පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

මොනරාගල දිස්‌ත්‍රික්‌ සන්ධාන ජනහමුවේදී අපේක්‍ෂකයන් පිරිසක්‌ හූ හඬ නැගීම සම්බන්ධයෙන් 'දිවයින' කළ විමසීමකදී හෙතෙම එසේ ප්‍රකාශ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.