'බැඳුම්කර මගඩිය' අනිද්දා එළිදකී

රට තුළ ඉමහත් ආන්දොaලනයට තුඩු දී තිබෙන මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව 'බැඳුම්කර මගඩිය' නමින් ලියෑවුණු නවතම ග්‍රන්ථය එළිදැක්‌වීම අනිද්දා (03 වැනි සඳුදා) සවස 3.30 ට කොළඹ 07, නිදහස්‌ මාවතේ, ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී සම්භාවනීය ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.

මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත මේ ග්‍රන්ථය ඔහු විසින් රචනා කරනු ලබන ආර්ථික ග්‍රන්ථ මාලාවේ හත්වැනි ග්‍රන්ථයයි. මෙතෙක්‌ රජයට විශාලතම මූල්‍ය පාඩුව සිදු කළ බවට චෝදනා එල්ල වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවේ ඇතුල් කතාව ලෙස හඳුන්වාදී ඇති මේ ග්‍රන්ථය මගින්, එම බැඳුම්කර නිකුතුවට අදාළ ආර්ථිකමය කරුණු රැසක්‌ ඉතා සරළව විවරණය කර ඇත.

මෙම ග්‍රන්ථය එළිදැක්‌වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත දෙසුම පවත්වනු ලබන්නේ හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා ය. හිටපු කෝප් සභාපති ඩිව් ගුණසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කෝප් කමිටු සාමාජික මහාචාර්ය රජීව විඡේසිංහ සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු ද මෙහිදී අදහස්‌ දක්‌වනු ලබයි. මේ සම්බන්ධයෙන් උනන්දුවක්‌ දක්‌වන ඔබ සැමට මේ උළෙලට සහභාගි වන ලෙස ආරාධනා කෙරේ. සියලු විමසීම් 0714834627 දුරකථන අංකයෙනි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.