අද - හෙට පැවැත්වෙන ජනරැලි

අද - හෙට රනිල්ගේ ජනරැලි 12 ක්‌

අකිත පෙරේරා

මෙවර මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සහ හෙට (01 සහ 02 දා) ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක රැලි දොළහක්‌ ඇමතීමට නියමිතය.

ඒ අනුව අද (01 දා) අගමැතිවරයා පෙරවරුවේදී අඹගස්‌දෝව මහජන ක්‍රීඩාංගණය, ඌව පරණගම සහ වැලිමඩ නගරයේ පැවැත්වීමට නියමිත ප්‍රචාරක රැලි ඇමතීමට නියමිතව ඇති අතර අද පස්‌වරුවේදී පස්‌සර, මැදගම නගරය - බිබිල, කොස්‌ලන්ද ක්‍රීඩාංගණය - හපුතලේ, ධර්මවිජය මාවත - බණ්‌ඩාරවෙල යන ප්‍රදේශවල රැලි ඇමතීමට ද නියමිතව ඇත.

අගමැතිවරයා හෙට (02 දා) පෙරවරුවේදී හසලක, කොත්මලේ, නගර සභා ක්‍රීඩාංගණය - තලවකැලේ සහ හෙට පස්‌වරුවේදී ගෙලිඔය නගරය, පුද්ගලික බස්‌ නැවතුම්පළ අසල - ගම්පොල, බස්‌ නැවතුම්පළ - මාවනැල්ල යන ස්‌ථානවල පැවැත්වෙන ප්‍රචාරක රැලි ඇමතීමට නියමිතය.

මහින්දගේ ජන රැලි 7 ක්‌ අද සහ හෙට

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රචාරක රැලි 7 ක්‌ අද (01) හා හෙට (02 වැනිදා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය හා කුරුණෑගල ප්‍රදේශවල පැවැත්වෙයි.

ඒ අනුව අද (01 දා) පෙරවරුවේ ඇල්පිටිය නගරයේදී ප්‍රධාන රැලිය ද, කුරුණෑගල දිස්‌ත්‍රික්‌ සන්ධාන ප්‍රධාන කාර්යාලය අසලදී එක්‌ රැලියක්‌ ද, මුස්‌ලිම්, ව්‍යාපාරික හා විද්වත් ප්‍රජාව හමුවේ රැලි තුනක්‌ ද පැවැත්වේ.

හෙට (02 දා) කුරුණෑගල දිස්‌ත්‍රික්‌ තරුණ හමුවක්‌ හා ත්‍රිරෝද රථ හිමියන්ගේ හමුවක්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අනුර කුමාරගේ ජනරැලි 5 ක්‌ අද - හෙට

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන ජනරැලි අද (01 දා) පස්‌වරු 3.30 ට මීගමුවේදී සහ සවස 7.00 ට තිහාරියේදී පැවැත්වේ.

බිමල් රත්නායක මහතා අද පස්‌වරු 6.00 ට වෙන්නප්පුවේ ද , ටිල්වින් සිල්වා මහතා පෙරවරු 10.00 ට නුවරඑළිය රිකිල්ලගස්‌කඩ දී ද, සුනිල් හඳුන්නෙත්ති මහතා පස්‌වරු 5.00 ට වැලිගම පස්‌වරු 7.00 ට පැලෑනේදී සහ රාත්‍රී 8.00 ට හොරගොඩදී ද රැස්‌වීම් පවත්වති. ටිල්වින් සිල්වා මහතා සවස 3.00 ට බදුල්ල ලුණුවත්තේදී රැස්‌වීමට සහභාගි වේ.

අනුර කුමාර දිසානායක මහතා හෙට (02) අක්‌මීමන තලගහ ප්‍රදේශයේ පස්‌වරු 3.00 ට ද, ගාල්ලේදී පස්‌වරු 4.30 ට සහ ගිංතොටදී පස්‌වරු 6.00 ටද ජනහමු ඇමතීමට නියමිතය. ටිල්වින් සිල්වා මහතා හෙට පස්‌වරු 5.00 ට කළුතර බෝපිටිය, පස්‌වරු 6.30 ට මංකඩ සහ රාත්‍රී 8.00 ට වැලිපැන්නේදී ජනහමු අමතයි. හෙට (02 දා) පෙරවරු 10.00 ට විජිත හේරත් සහ බිමල් රත්නායක මහතා සහභාගි වන විද්වත් වෘත්තික හමුව කැලණියේදී පැවැත්වෙයි. විජිත හේරත් මහතා පස්‌වරු 4.00 ට උඩුපිල හන්දියේද, පස්‌වරු 6.00 ට මල්වතු හිරිපිටියේද කේ. ඩී. ලාල්කාන්ත මහතා පෙරවරු 10.00 ට රත්නපුර කලවානේ දීද පස්‌වරු 2.00 ට කුරුවිට සහ පස්‌වරු 4.00 ට ඇහැලියගොඩදී ද රැස්‌වීම් අමතයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.