මම දරුවෝ තිදෙනෙක්‌ සමග තනි වුණා
බිරිඳ රවි මහත්තයාට උදව් කළේ පුතාට රැකියාවක්‌ ලබා ගැනීමටයි

බ්ලූමැන්ඩල් ඡන්ද රැස්‌වීමට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මියගිය නසීමාගේ සැමියා හැඬූ කඳුළින් කියයි

දීප්ති ප්‍රමිතා අධිකාරි, ජයසූරිය උඩුකුඹුර

මම කිව්වා ඔය රැස්‌වීම්වලට යන කොට පරිස්‌සම් වෙන්න කියලා. එයා ඒ වේලාවට මටත් දොස්‌ කියලා යනවා. රවි මහත්තයාගේ රැස්‌වීම්වලට ඕනෑම රාත්‍රියක එයා යනවා. අද මට මගේ බිරිඳ නෑ. ගෑනු දරුවෝ දෙන්නයි පුතායි එක්‌ක මම තනි වුණා යෑයි පෙරේදා බ්ලූමැන්ඩල් පාරේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සිත්ති නසීමා නමැත්තියගේ ස්‌වාමිපුරුෂයා "දිවයින"ට කීවේය.

මොහොමඩ් රික්‌ති නමැති ඔහු තම එකම පුතා වැළඳ ගෙන කොළඹ මහ රෝහල අසල මහ පාරේ බිම වැතිරී අෙ¹aනා දෙන අයුරු දුටු කාගේත් නෙතඟට කඳුළු බිඳු එක්‌ විය. මටත් වැඩක්‌ පලක්‌ කර ගන්න බෑ මගේ අත්දෙක කැඩිලා. ඔපරේෂන් කරල තියෙන්නෙ මගෙ දරුවෝ අද අසරණ වෙලා. ලොකු පුතාට වයස අවු. 17 යි. එයාට රක්‌ෂාවක්‌ ගන්න පුළුවන් කියල තමයි නසීමා රවි මහත්තයාට උදව් කළේ. අපි කාටවත් වැරදි කරපු අය නොවේ. ඇයි දෙවියනේ අපිටම මෙහෙම වෙන්නේ.

"අපිට දැන් අම්මා නෑ. පුතේ උඹ කෑවද කියල අහන්න දැන් කවුද ඉන්නේ. අපි නංගිලා එක්‌ක තනි වුණා. මගේ නංගිලාට අම්මා නැතිව ඉන්න පුළුවන්ද" යෑයි මියගිය නසීමාගේ 17 හැවිරිදි පුතු හඬමින් පවසන්නට විය.

බ්ලූමැන්ඩල් පාර වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලැබූ තුවාලකරුවන් කොළඹ රෝහලට ඇතුළත් කළ අවස්‌ථාවේ සිට රෝහල් භූමිය එකම මළ ගෙයක්‌ බවට පත්වී තිබුණා. තමන්ගේ අම්මා¾ අක්‌කා¾ තාත්තා¾ අයියා තුවාලකරුවන් අතර සිටියද යන්න දැන ගැනීමේ අටියෙන් පැමිණ සිටි ඔවුන් අතරින් කිහිප දෙනකුම රෝහල් බිමේ ක්‌ලාන්ත වී වැටෙනු අපි දිටිමු.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.