වත්මන් ජනපතිගේ සේවා මුර කාලයෙන් පසු
විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි වේවි

- ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ජයසූරිය උඩුකුඹුර

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වීමත් සමග විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට එක්‌සත් ජාතික පෙරමුණ එකඟ වී ඇති බව ලංකා සමසමාජ පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩල සභික ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

අගෝස්‌තු 17 දින බලයට පත්වන එක්‌සත් ජාතික පෙරමුණු රජය යටතේ මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලයක්‌ බවට පත්කර නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සකස්‌ කිරීම සම්බන්ධයෙන් මූලික අධ්‍යයන කටයුතු මේ දිනවල සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

කොළඹ ඩීන්ස්‌ පාරේ පිහිටි සමාජයීය සාමයික කේන්ද්‍රයේ දී පැවති ලංකා සමසමාජ පක්‍ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්‌වෙමින් වික්‍රමරත්න මහතා මෙම කරුණු සඳහන් කළේය. ඔහුට මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට උත්තර දෙමින් මෙසේද කීවේය.

අපි වමේ පක්‍ෂ විදියට දක්‍ෂිණාංශික පක්‍ෂයක්‌ විදියට එජාපයට සහාය දෙන්නේ රට පිළිබඳ තීරණාත්මක තීන්දුවක්‌ ගත යුතු නිසයි. අද වාමාංශික ශ්‍රිලනිපයක්‌ ක්‍රියාත්මක වන්නේ නෑ. මහින්ද රාජපක්‌ෂ මහතාගේ නායකත්වයෙන් එජනිස µeසිස්‌ට්‌වාදයට රට තල්ලු කරමින් සිටින නිසා ලංකා සමසමාජ පක්‍ෂයට කෙසේවත් ඔවුන් සමග එකතු විය නොහැකියි.

ලංකා සමසමාජ පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක චමීර පෙරේරා මහතා - ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය අද රාජපක්‍ෂ පක්‍ෂයක්‌ වෙලා. ඒකෙ දුගී දුප්පත් මිනිසුන්ට ඉඩක්‌ නැහැ. අද ලිබරල් ප්‍රතිපත්තියක්‌ ඔවුන් අනුගමනය කරන්නෙ. ඒ නිසා දුප්පතුන් අසරණයන් ඔවුන්ගේ පැල්පත්වලින් එළියට ඇදලා දාල නගර සංවර්ධනය කරන්න. සංවර්ධනය කියන්නෙ අහිංසකයන් තළා පෙළීම නොවෙයි. තිස්‌ස විතාරණ, ඩියු ගුණසේකර හා වාසුදේව නානායක්‌කාර, කම්කරු පන්තියේ නායකයන් කියා ගනිමින් µeසිස්‌ට්‌වාදයට උරදෙන පිරිසක්‌ බවට පත්ව සිටිනවා.

ලංකා සමසමාජ පක්‍ෂයේ වෘත්තීය සමිති අංශයේ ප්‍රධානී ඩී. එම්. ඩී. අබේරත්න මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.