පවතින දේශපාලන සංස්‌කෘතිය වෙනස්‌ කිරීමෙන් පසු දේශපාලනයෙන් මා විශ්‍රාම ගන්නවා
- ෆීල්ඩ් මාර්ෂල් සරත් ෙµdන්සේකා

ඩග්ලස්‌ නානායක්‌කාර - නුවරඑළිය විශේෂ

අද මේ රටේ පවතින දේශපාලන සංස්‌කෘතිය වෙනස්‌ කිරීමෙන් පසුව දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෙµdන්සේකා මහතා ඉකුත් 30 දා නුවරඑළිය නගරයේ දී පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට තරග කරන අපේක්‍ෂක කණ්‌ඩායමේ ජයග්‍රහණය උදෙසා නුවරඑළිය නගර මධ්‍යයේ පැවති ජනහමුවේදී සරත් ෙµdන්සේකා මහතා එසේ ප්‍රකාශ කළේය.

මේ මැතිවරණයේ අපේ තේමාව තමයි දේශපාලන සංස්‌කෘතිය වෙනස්‌ කිරීම. ඒකෙන් අපි අදහස්‌ කරන්නේ මොකක්‌ද? කියලා මගේ කතාවලදී ප්‍රකාශකොට තිබෙනවා.

අපට අවශ්‍යයි ජනතාව දේශපාලනඥයන් විසින් හසුරුවන දේශපාලනඥයන් ඉදිරියේ රූකඩ බවට පත් නොවන ජනතාවගේ ආත්මගරුත්වය අභිමානය ආත්මශක්‌තිය තියෙන රටක්‌ ලෙස මේ රට ගොඩ නැඟීමට. අපේ ජීවිත දේශපාලනඥයන්ට හැසිරවීමට ඉඩ නොදිය යුතුයි.

ඊළඟට මගේ ප්‍රධාන ඉල්ලීම තමයි තමුන්නාන්සේලාගෙන් කරන පාට, පක්‍ෂවලට වහල්වෙලා පාට පක්‍ෂ ආරක්‌ෂා කරන්න ඕන හින්දා සීය මුත්ත බාප්ප තාත්ත පක්‍ෂවලට ඡන්දෙ දුන්න හින්ද මෝඩවෙලා ජනතාවගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ජීවන තත්ත්වයන් මතු උපදින දරුවන්ගේ අනාගතය විනාශ කරගන්න එපා.

අපේ පක්‍ෂයේ ප්‍රතිපත්තිය තමුන්නාන්සේලාගේ ජීවිත අභිමානයක්‌ ඇතිව ගොඩනැඟීම. තනියම කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් රටක්‌ ගොඩනැඟීමයි. ඒ නිසා අපි මේ දේශපාලනයට ආවේ රට එතැනට තල්ලු කරන්නයි.

පාටවලට පක්‍ෂවලට වහල් නොවී ඡන්දයේ වටිනාකම රැකගෙන තමුන්නාන්සේලාගේ ජීවිතවලට වටිනාකමක්‌ ගන්න පුළුවන් තැනකට තමුන්නාන්සේලාව තල්ලු කරන්න තමයි අපි මේ දේශපාලනයට ආවේ. ඒක හින්ද තමයි අපි වෙනම වේදිකාවක දේශපාලනය කරන්නෙ.

මේ රට තව අවුරුදු දෙක තුන හතරකින් හරි අපි ඒ කියපු තැනට ජනතාවගේ ජීවිත තල්ලු කරපු දවසට ජනතාව මේකෙ වටිනාකම තේරුම් අරගෙන ක්‍රියා කරන්න පෙළ ගැසුණ දවසට අපි දේශපාලන වේදිකාවෙන් බැහැල යනව.

එතකොට අපේ යුතුකම ඉෂ්ට කරල ඉවරයි. අපිට එතැනින් එහාට දේශපාලනයේ ඉඳගෙන බඩ ගෝස්‌තරය වඩා ගන්න අවශ්‍ය නැහැ.

අපි දේශපාලනය කරන්නේ අපේ මිනිස්‌සුන්ට වැඩ කරල දෙන්න නෙවෙයි. රටේ ඉන්න ජනතාවගේ ජීවිත ගොඩනඟන්න. යූ.එන්.පී. කාරය, ශ්‍රී ලංකා කාරය, ජනතා විමුක්‌ති පෙරමුණේ එක්‌කෙනා අපේ පක්‌ෂයේ අය මේ සියලු දෙනාම මේ සියලු දෙනාගේම ජීවිත ගෙඩනඟන්න තමයි අපේ පක්‍ෂය හැදුවේ.

අපි තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ අපිට ඒ ගමන යන්න ශක්‌තියක්‌ වෙන්න. අපි තමුන්නාන්සේලාගේ ජීවිත ශක්‌තිමත් කරනවා. ඒ මාර්ගය හදලා තමුන්නාන්සේලා ඒ මාර්ගයට තල්ලු කරලා, තමුන්නාන්සේලා එතැනට ගියාට පස්‌සේ අපේ දේශපාලන අරමුණ සම්පූර්ණයි. එවිට දේශපාලනයෙන් අපි විශ්‍රාම ගන්නවා.

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌ කණ්‌ඩායම් නායක දිනේෂ් ලංකා ගීගනගේ මහතා - අපි අද නුවරඑළිය දිනවන සටනේ නුවරඑළියට ශක්‌තියක්‌ වන්නට පෙළගැසෙමින් සිටිනවා.

වසර පහළොවකට පසුව තමයි නුවරඑළියේ ඉපදුණ නුවරඑළියේ කෙනෙක්‌ මහ මැතිවරණයකට ඉදිරිපත් වන්නේ.

මෙච්චර කාලයක්‌ නුවරඑළියේ හිටියේ එහෙන් මෙහෙන් වැටිච්ච පැරෂුට්‌ චරිත.

නුවරඑළිය පයගහලා, නුවරඑළියෙ ජනතාවගේ "දහඩිය සුවඳ" හඳුනන ගොවි මහත්මයෙක්‌ගෙ පුතෙක්‌ මම.

එහෙනම් නුවරඑළියේ ජනතාවට අවස්‌ථාවක්‌ ලැබී තියෙනවා නුවරඑළිය දිනවන සටනට මෙවර මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය දිනවන්න.

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ජාතික සංවිධායක කපිතාන් දයාන් විතානගේ, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී අරුණ දීපාල්, වලපනේ සංවිධායක යාපා බණ්‌ඩාර, සම සංවිධායක තිස්‌ස කුමාර ජයවර්ධන, කොත්මලේ සංවිධායක අජිත් කුමාර සිරිවර්ධන යන මහත්වරුද ජනහමුව ඇමතූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.