ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක
මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියා
හිටපු ආරක්‌ෂක ලේකම්ගේ අතිජාත මිත්‍රයෙක්‌

- ඇමැති කරු ජයසූරිය

පාකිස්‌තානයේ සිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකටම හෙරොයින් සපයන, මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියා හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අතිජාති මිත්‍රයකු බව රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ ඇමැති කරු ජයසූරිය මහතා විසින් නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

එම නිවේදනය මෙසේය.

නීතිය, පොලිසිය හා සමාජ ආයතන සම්බන්ධීකරණය කරමින් ශ්‍රී ලංකාවේ මත්කුඩුq උවදුර වසර තුනක්‌ තුළදී සහමුලින්ම පිටු දැකීම සඳහා අධිෂ්ඨානශීලීව කැපවෙමු." මේ 2005 වසරේ ඉදිරිපත් කළ මහින්ද චින්තන නම්වූ තොරම්බල් ප්‍රකාශනයේ හත්වන පිටුවේ. මතට තිත ඡේදය ආරම්භ කළ ආකාරයයි. ඒ අනුව 2008 වනවිට ලංකාවේ කුඩු උවදුර සහමුලින්ම නිමාවී තිබිය යුතුයි. එහෙත් සිදුවූයේ කුමක්‌ද? මහින්ද රාජපක්‍ෂගේ රජයට සම්බන්ධ මැති ඇමැතිවරුන් පමණක්‌ නොව අගමැතිගේද මැදිහත්වීම මත මත්ද්‍රව්‍ය තොග පිටින් කන්ටේනර් පිටින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමය. හෙරොයින් ඇතුළු මත්කුඩු ජාවාරමට අසීමාන්තික නිදහසක්‌ ලැබුණේ මහින්ද රාජපක්‍ෂ රට පාලනය කළ සමයේය. රාජපක්‍ෂ පාලන සමයේ මත්කුඩු ජාවාරම මැඬලීමට සෘජුව වගකිව යුත්තේ ඔහුගේ සහෝදර ගෝඨාභය රාජපක්‍ෂය. ඔහු මත්කුඩු ජාවාරම මර්දනය කළ ආකාරය දැන් අපූරුවට හෙළිවෙමින් පවතී.

ගෝඨාභය රාජපක්‍ෂ තමන්ගේ ආරක්‌ෂක අමාත්‍යාංශය අධීක්‍ෂණය කිරීමට තෝරා පත්කර ගත්තේ මිනීමැරුම්වලට, ළමා අපචාරවලට, තොග වශයෙන් කළ මත්කුඩු ජාවාරම්වලට, මත්කුඩු ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි, විශුද්ධි කළ බවට චෝදනා ලත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌. පාකිස්‌තානයේ සිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට හෙරොයින් සපයන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියා වන මොහොමඩ් මුබාරක්‌ මොහොමඩ් ආරක්‌ෂක ලේකම්වරයාගේ අතිජාත මිත්‍රයෙකු බව දැන් හෙළිවී තිබේ. මහින්ද චින්තනයෙන් රටට දුන් ප්‍රතිඥාව අමු අමුවේ උල්ලංඝනය කළේ දේශප්‍රේමය ගැන පුරාඡේරු කතා පවත්වන රාජපක්‍ෂවරුන්ම බව දැන් පැහැදිලිය.

කැසිනෝ සංස්‌කෘතිය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ඡේම්ස්‌ පැකර් වැනි කැසිනෝ රජවරු සමඟ ගිවිසුම් ගැසූ රාජපක්‍ෂලා මෙරට අනාගත පරපුර විනාශ කිරීමට දැරූ නින්දිත ප්‍රයත්නය මොහොමඩ් මුබාරක්‌ මොහොම් මුජයිඩ් තොරතර=e හෙළිවීම තුළින් මනාව පැහැදිලි වේ. තරුණ තරුණියන්ගේ සටන්කාමී අදහස්‌ මර්දනය කිරීම සඳහා උතුරේ හෙරොයින් භාවිතය පුළුල් කිරීමට.

මේ රටේ බහුතර ජනතාව ජනවාරි 08 දා පරාජයට පත්කළේ මෙම දූෂිත, නිර්ලඡ්ජී පාලනයයි. යහපාලනය සඳහා එක්‌සත් ජාතික පෙරමුණ සමඟ අද මාදුළුවාවේ සෝභිත හිමි, ඕමල්පේ සෝභිත හිsමි, අතුරලියේ රතන හිමි, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්, ඇතුළු විද්වතුන්, සිවිල් සංවිධාන හා දේශපාලන පක්‍ෂ රැසක්‌ පෙළගැසී ඇත්තේ අගෝස්‌තු 117 දින මොහොමඩ් මුබාරක්‌ මොහොමඩ් මුජයිඩ් වැනි පුද්ගලයින්ට ගෝඨාභය රාජපක්‍ෂ වැන්නවුන් හරහා යළිත් හිස එසවීමට ඉඩ නොදීමටය. එවැනි දුර්දාන්ත ව්‍යාපාර සදහටම අපේ මාතෘ භූමියෙන් තුරන්කොට අනාගත පරපුර බේරාගැනීම සඳහා කළ යුත්තේ අගෝස්‌තු17 දින කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ අපේක්‌ෂක මහින්ද රාජපක්‍ෂ සමඟ ඔහුගේ හොර නඩය පරාජය කිරීම බව යහපත් සමාජයක්‌ අපේක්‌ෂා කරන සියලන් තේරුම් ගත යුතුය..

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.