ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කරන්න කැලම් මැක්‌රේගෙන් යළිත් බලපෑම්

කීර්ති වර්ණකුලසූරිය

බ්‍රිතාන්‍යයේ චැනල් ෙµda රූපවාහිනී සේවයේ ප්‍රධානතම ක්‍රියාකාරීන් දෙදෙනකු වූ කැලම් මැක්‌රේ සහ පිටර් ස්‌නෝ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවකු බවට පත් කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලයට දැඩි බලපෑම් එල්ල කර ඇත.

මොවුන් නිර්මාණය කළ ශ්‍රී ලංකාවට එරෙහි වීඩියෝ පට දෙකක්‌ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇතැයි එම කවුන්සිලයේ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකාවට එරෙහි ගෝලීය ද්‍රවිඩ සංසදය සහ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ යස්‌මිත් සුකා සමග ද දැඩි සබඳකම් පවත්වන චැනල් ෙµda රූපවාහිනිය ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන් ලක්‍ෂයක්‌ මරා දැමූ බවට චෝදනා නඟා ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.