'සෙල්වම්' නිෂ්පාදක කුඩු ව්‍යාපාරිකයෙක්‌ බව
දැන ගත්තාම මම පුදුම වුණා

සෙල්වම් අධ්‍යක්‍ෂ සංජය ලීලාරත්න

නෝමන් පලිහවඩන

මත්කුඩු ජාවාරම් පිළිබඳව ප්‍රධාන සැකකරුවකු වන මොහොමඩ් මුබාරක්‌ මොහොමඩ් මුජයිඩ් තමා අධ්‍යක්‍ෂණය කළ සෙල්වම් චිත්‍රපටය නිෂ්පාදනය කළත්, ඔහු එක්‌ දිනක්‌වත් රූපගත කිරීම් බැලීමට පැමිණියේ නැතැයි ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ සංජය ලීලාරත්න මහතා 'දිවයින'ට ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේද පැවැසීය.

ඔය සැකකරු මා මුලින්ම හඳුනා ගත්තේ ආපන ශාලාවකදීයි. ඔහු මට කිව්වා චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරන්න කැමැතියි කියලා. ඔහු ඒ සඳහා මුදල් යෙදෙව්වා.

යාපනයේදී මෙම චිත්‍රපටය රූගත කළා. ඔහු එක දවසක්‌වත් මෙම රූගත කිරීම් බලන්න පැමිණියේ නැහැ. කොටින්ම කියතොත් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම් ඇරඹීමෙන් පසු මොහු හදිසියේම අතුරුදන් වුණා. මෙම චිත්‍රපටය සඳහා ඔහුට ලැබිය යුතු රුපියල් ලක්‍ෂ පනහක පමණ මුදලවත් ඔහු චිත්‍රපට සංස්‌ථාවෙන් බාර ගැනීමට පැමිණියේ නැහැ.

මට හිතෙන්නේ මොහු මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් කෝටි 1 1/2 ක්‌ විතර වියදම් කරන්න ඇති.

මගේ මතකයේ හැටියට මෙම චිත්‍රපටයේ නළු නිළියෝ සමඟÊපවා මොහු ඇසුරක්‌ සිදුÊකළේ නැහැ.

මොහු මත්කුඩු ජාවාරම්කරුවකු බවට තොරතුරු හෙළිවීම අසා ඒ ගැන මා පුදුමයට පත්වුණා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.