එස්‌. බී. නාවින්න මහතාට සිදුවන්නේ එ.ජා.ප ය තුළ හුදෙකලා වීමටයි
හිටපු කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පා. මන්ත්‍රී ජයරත්න හේරත්

ආර්. එම්. ඩබ්. බණ්‌ඩාර - කුරුණෑගල

තමා වටා තිබුණ ජන බලය ගිලිහී යන මොහොතක ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික කුරුණෑගල දිස්‌ත්‍රික්‌ නායක එස්‌. බී. නාවින්න මහතා එක්‌සත් ජාතික පක්‍ෂයේ තුරුළට ගිය බවත්, ඔහුට මේ මොහොතේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුවත් ලබාගැනීමට නොහැකිව හුදෙකලා වීමට සිදුවන බවත් හිටපු කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා පැවසීය.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කුරුණෑගල "සුරස" හෝටල් පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී පසුගිය 08 දින ඔහු මෙසේ කියා සිටියේය.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ ඇතැමුන්ට එය ප්‍රශ්නයක්‌ වී තිබෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දිවයිනේ ඕනෑම දිස්‌ත්‍රික්‌කයක්‌ නියෝජනය කරමින් මැතිවරණයට තරග කළොත් විශිෂ්ට ජයග්‍රහණයක්‌ හිමි වෙන බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඒ ජනවරම අහිමි බවත්, ඔහුට හිමි වන්නේ කොළඹ ආසනය පමණක්‌ බවත් ජයරත්න හේරත් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.