විදුලිය පිරිමසින R600a ගෑස්‌ සහිත අධිශීතකරණ පෙළක්‌
සිංගර් වෙළෙඳපොළට හඳුන්වාදෙයි

නූතන පාරිභෝගික අවශ්‍යතා මැනෙවින් හඳුනාගනිමින් ඊට ගැලපෙන ලෙස තම නිෂ්පාදන ඉදිරිපත් කරන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම, විදුලිය පිරිමසින අධිශීතකරණ පෙළක්‌ ශ්‍රී ලංකාවේදී පළමු වරට වෙළෙඳපොළට හඳුන්වාදී ඇත.

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් නිපදවා ඇති නවතම අධිශීතකරණ සඳහා පරිසර හිතකාමි R600a ශීතකාරක වායුව යොදාගෙන ඇති අතර එමගින් ඉතා විශාල විදුලිය පිරිමැස්‌මක්‌ ලබාදෙනු ඇත.

වෙළඳපොළෙහි අනෙකුත් අධිශීතකරණ සඳහා යොදා ඇති ශීතකාරක මෙන් නොව R600a ශීතකාරකය 100්‍ර ස්‌වාභාවික වායුවක්‌ වන අතර එහි ක්‍රියාකාරිත්වය 100්‍ර පරිසර හිතකාමි වේ.

පාරිභෝගික රුචි අරුචිකම් හා අවශ්‍යතා අනුව තෝරාගැනීම සඳහා ලීටර 150 සිට ලීටර 700 දක්‌වා වූ ධාරිතා ප්‍රමාණ 6 කින් සිංගර් සහ සිසිල් වෙළඳනාම යටතේ වෙළඳ පොළට හඳුන්වාදී ඇති නවතම අධිශීතකරණ රුපියල් 54,999/- සිට මිලදී ගත හැකි අතර, ව්‍යාපාරික මහත්ම මහත්මීන්ගේ පහසුව වෙනුවෙන් පොලී රහිතව රුපියල් 4125/- සිට මාසික වාරිකයකට මිලදී ගැනීමේ අවස්‌ථා ද සලසා ඇත.

සියවසකට අධික කාලයක්‌ පුරා සුරැකි අතිවිශිෂ්ට පාරිභෝගික විශ්වාසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳනාමය ලෙස නොකඩවා දස වසරක්‌ ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ විශ්වසනීය වගකීම යටතේ දිවයින පුරා පිහිටි 400 කට අධික සිංගර් ප්ලස්‌, සිසිල් වර්ල්ඩ්, සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරවලින් මෙන්ම 350 කට අධික බලයලත් වෙළෙඳ නියෝජිතයන්ගෙන් ද මෙම නවතම විදුලිය පිරිමසින අධිශීතකරණ මිලදී ගැනීමේ අවස්‌ථා සලසා දී ඇති අතර, දිවයින පුරා පිහිටි සේවා මධ්‍යස්‌ථාන 100 ක්‌ හරහා සිංගර් අතිවිශිෂ්ට අලෙවියෙන් පසු සේවය ලබාගත හැක.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.