සාම්පූර් ඉඩම් මුල් අයිතිකරුවන්ට දීම සොයා බලන්න ජනපති යයි

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

ත්‍රිකුණාමලය සාම්පූර් නාවික හමුදා අධිආරක්‍ෂිත කලාපයේ ඉඩම් එහි මුල් අයිතිකරුවන්ට භාරදීමේ කටයුතු සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22 දා) එම ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වනු ඇත.

සාම්පූර් නාවික හමුදා පුහුණු පාසල ඇතුළු කඳවුරු කීපයක්‌ එම ස්‌ථානයෙන් ඉවත් කර ඊට ආසන්න ප්‍රදේශයක ස්‌ථාපිත කර ඇති අතර කලින් අධිආරක්‍ෂිත කලාපයට අයත්ව තිබූ ඉඩම් එම මුල් අයිතිකරුවන්ට යළි ලබාදීමට පියවර ගෙන ඇත.

මෙම නිරීක්‍ෂණ චාරිකාවට නැගෙනහිර ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක්‌ සහභාගි වෙති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.