යුද අපරාධ සඳහා
දඬුවම් කරන රෝම සම්මුතිය


'සිවිල් යුද්ධයේ අවසාන සමයේ ජාත්‍යන්තර අපරාධ සිදු කළ අයට දඬුවම් කිරීම සඳහා අන්තර්ජාතික අධිකරණයට අදාළ රෝම සම්මුතියට ශ්‍රී ලංකාව එකඟ විය යුතුයි.

-ලන්ඩන් නුවර ප්‍රීඩම් ෆෝ ටෝචර් නමැති රාජ්‍ය නොවන සංවිධානය

ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යැමට ජාත්‍යන්තර සංවිධාන විසින් ශ්‍රී ලංකා රජය අත්සන් කළ යුතු යෑයි බලපෑම් කරන මේ රෝම සම්මුතිය කුමක්‌ද? හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ ලුයිsස්‌a ආබර්Êද මෙම සතියේදී පැවසුවේ ශ්‍රී ලංකා රජය රෝම සම්මුතියට එකඟ විය යුතු බවයි. 1998 වසරේ ජුලි 17 දා රෝමයේ පැවැති ජාත්‍යන්තර සමුළුවකදී කරුණු හතරක්‌ මත ක්‍රියා කිරීම සඳහා රෝම සම්මුතිය නමැති ප්‍රඥප්තිය සම්මත විය. ජාති ඝාතනය, මානව සංහතියට එරෙහි අපරාධ වූQ, යුද අපරාධ සහ ආක්‍රමණශීලී අපරාධ යන කරුණු ඊට ඇතුළත් ය. එහෙත් මෙම රෝම සම්මුතිය ක්‍රියාත්මක වූයේ 2002 ජුලි 1 දා සිටයි.

එහෙත් කොටි සංවිධානය සිදු කළ යුද අපරාධ සහ බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියා පිළිබඳව ක්‍රියා කිරීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රෝම සම්මුතිය යොදා ගත්තේ නැත.

එසේ වුවත් යුද්ධයේ අවසන් කාලයේදී මූලික මානව හිමිකම් සහ මනුෂ්‍යවාදී නීතිය උල්ලංඝනය කර ඇති බවත් එය යුද අපරාධයක්‌ බවත් දක්‌වමින් ඊට පරීක්‍ෂණ පවත්වා දඬුවම් කළ යුතු බව ද ඇමරිකාව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකාවට චෝදනා නගා ඇත. එහිදී වන්නි මෙහෙයුමේ අවසාන සමයේදී මානුෂික නීතිය උල්ලංඝනය කර ඇතැයි දක්‌වා ඇත්තේ කපටිකමකට යෑයි සනාථ විය.

මානුෂීය නීතිය උල්ලංඝනය කළ බවට බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාවට එල්ල කළ චෝදනාවට බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනිය සහය විය. මෙම චැනල් ෆෝ රූපවාහිනිය නිර්මාණය කළ කිලෆීල්ඩ් සහ නෝෆයර් සෝන් නමැති වීඩියෝ පටවල සත්‍ය අසත්‍ය බව සොයා බැලීමකින් තොරව ඇමරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, නෝර්වේ, ජර්මනිය සහ කැනඩාව ද හියුමන් රයිට්‌ස්‌ වොච්, ඇම්නෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල්, ඉන්ටර් නැෂනල් ක්‍රයිසස්‌ ගෘප් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන විසින් එම වීඩියෝපට පිළිගත හැකි යෑයි ප්‍රකාශ කරනු ලැබීය.

මේ පසුබිම මැද බ්‍රිතාන්‍යයේ සිටින ජාත්‍යන්තර නීතිවේදී ඩෙස්‌මන්ඩ් සිල්වා පසුගිය රජයට හදිසි නිවේදනයක්‌ එවමින් ශ්‍රී ලංකා රජය හා හමුදාව අන්තර් ජාතික අධිකරණයට ගෙන යැමේ කුමන්ත්‍රණයක්‌ දියත් වී ඇති බව කියා සිටියේය. එහෙත් පසුගිය රජයේ බලධාරීහු ඊට සවන් දුන්නේ නැත.

මේ බටහිර කුමන්ත්‍රණයේ තුරුම්පුව රෝම සම්මුතියයි. දෙවැනි - ලෝක මහා යුද්ධයෙන් පසු බලවත් රටවල කතිකාවක්‌ මගින් ලොව කුමන රටක හෝ පාලකයන්a හෝ ඊට සම්බන්ධ කණ්‌ඩායම් මිනිස්‌ සංහාරයක්‌ ඇති කළහොත් ඔවුන්ට එම රටවලදී දඬුවම් දීමක්‌ සිදු නොවන නිසා දඬුවම් ලබාදීමට ජාත්‍යන්තර උසාවියක්‌ ඇති කළ යුතුයි යන මතයක්‌ ඇති විය. මෙම මතය මත ස්‌ථාපිත වූ අන්තර්ජාතික අධිකරණයට රටවල් රැසක්‌ එකඟ නොවුණත් වැඩි ඡන්ද ගණනකින් එය සම්මත විය. මෙකී අන්තර්ජාතික අධිකරණයෙන් මරණ දඬුවම ලබා නොදෙන අතර සිරදඬුවම් නියම කෙරේ.

එහෙත් ඇමරිකාව සහ ඉන්දියාවද මෙම අන්තර්ජාතික අධිකරණයට එකඟ වී නැත. ඇමරිකානු රජය එකී ජාත්‍යන්තර අධිකරණයට එකඟ වී නැතත් වෙනත් රටවල රාජ්‍ය නායකයන්ට යුද අපරාධ සිදු කල බව දක්‌වමින් ඔවුන් අන්තර්ජාතික අධිකරණය වෙත ගෙන යැමට ක්‍රියා කර ඇත. හේග්හි පිහිටි ජාත්‍යන්තර අධිකරණය මේ වනවිට යුද අපරාධ චෝදනා සම්බන්ධ අටදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස්‌ ටේලර්ට වසර පනහක සිරදඬුවමක්‌ නියමකර ඔහු බ්‍රිතාන්‍ය සිරගෙයකට යවා ඇත. සුඩානයේ ජනාධිපති ඕමාර් බෂිර්ට එරෙහිව ද යුද අපරාධ චෝදනා එල්ල කර ඔහුට වරෙන්තු නිකුත් කර ඇත.

යුද අපරාධ චෝදනා සම්බන්ධව රඳවාගෙන සිටි තිදෙනකු නඩු විභාග පැවත්වෙන අතරේ මරුමුවට පත් විය.

කෙන්යා ජනාධිපති ඉවුqරු කෙන්යාටා ද යුද අපරාධ චෝදනාවලට ලක්‌වූවත් එම චෝදනාවලින් නිදහස්‌ විය.

ශ්‍රී ලංකාව මෙම රෝම සම්මුතියට එකඟ නොවූයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිනියව සිටි සමයේදීයි. මේ සම්මුතියේ ඇති භයානකකම වටහාගත් හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිර්ගාමර් ඊට සහය නොදනෙ ලෙස උපදෙස්‌ දී තිබිණි.

එහෙත් ශ්‍රී ලංකා රජය එකී රෝම සම්මුතියට අත්සන් නොකලත් යම් රටෙක රාජ්‍ය නායකයකුට යුද අපරාධ චෝදනාවක්‌ එල්ල වුවොත් ඔහුව ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන ඒමේ කොන්දේසි හතරක්‌ එම සමුම්තියට ඇතුළත් වී ඇත.

එසේ වුවත් ශ්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් කර නොමැති නිසා හමුදා නායකයන්ව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යැමට බැරි බවට ඇතැම් දේශපාලකයන් විසින් ප්‍රචාරයක්‌ දියත් කර තිබේ.

එහෙත් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමේ කොන්දේසි මෙසේයි.

1. රෝම සම්මුතියට අත්සන් කළ රටෙක වැසියකු වීම

2. අපරාධ ක්‍රියා සිදුවූයේ සම්මුතියට අත්සන් කළ රටේ භූමිය තුළදී වීම.

3. එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ නිර්දේශය මත

4. චෝදනා මගින් යුද අපරාධ සිදුවී ඇති බවට සනාථ වීම.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමු කළේ මෙම සිව්වැනි කරුණ අනුවයි.

චැනල් ෆෝ රූපවාහිනියේ වීඩියෝපට - හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ ලුවිස්‌ ආබර් මෙහෙයවන ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌a ගෲප් සංවිධානයේ වාර්තාව හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකාගේ වාර්තාව සහ ලන්ඩන් නුවර ප්‍රීඩම් ඔප් ටොචර් සංවිධානයේ වාර්තා මගින් යුද අපරාධ සිදුවූ බවට කරුණු ගොනු කර තිබේ.

ජිනිවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පරීක්‍ෂණ මණ්‌ඩලය ක්‍රියාත්මක වන්නේ ඉහත කී වාර්තා මතය.

එය තවදුරටත් සනාථ වන්නේ ප්‍රීඩම් පෝ ටෝචර්Êනමැති බ්‍රිතාන්‍ය රාජ්‍ය නොවන සංවිධානය එකී පරීක්‍ෂණ මණ්‌ඩලය වෙත පිටු 74 ක වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමයි. මේ වාර්තාව කෙටුම්පත් කර ඇත්තේ ජෝ පෙස්‌ට්‌ සහ චැස්‌ටන් සලේ නමැති බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනායි. එකී වාර්තාවට ඡායාරූප සපයා ඇත්තේ සංචාරයකයකු වේශයෙන් ශ්‍රී ලංකාවට පැමිණි විල් බැක්‌aස්‌ටර් නමැත්තායි.

මින් සනාථ වන්නේ ජිනිවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණය සිදු කර ඇත්තේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ක්‍රමවේදයට අනුවය. ඒ අනුව මෙම අපූරු පරීක්‍ෂණ මණ්‌ඩලය ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කර ඇති බව නිගමනය කර ඇති බව පැහැදිලිය.

මෙහිදී මෙකී පරීක්‍ෂණය පවත්වා ඇත්තේ කොටි සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුම දියත් කිරීමක්‌ ලෙස නොව ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයක්‌ පැවැති බව දක්‌වමිනි.

මෙම යුද අපරාධ චෝදනා පරීක්‍ෂණ වාර්තාවෙන් මතුවන බරපතළම තත්ත්වය නම් කොළඹ ක්‍රියාත්මක වන විදෙස්‌ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් එකී වාර්තාව අනුමත කිරීමට ඉදිරිපත් වීමය.

බටහිර රටවල් විසින් යුද අපරාධ චෝදනා එල්ල කර තිබූ සුඩාන් ජනාධිපති ඔමාර් බෂිර්ට දකුණු අප්‍රිකාවෙන් පිටව යෑවීමට ඉඩ දීම ගැන මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 38 ක්‌ විසින් විරෝධය දක්‌වා තිබිණි. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ දේශපාලන හා හමුදා නායකත්වය ජාත්‍යන්තර අධිකරණය වෙත පාවාදීමට මෙකී රාජ්‍යනොවන සංවිධාන ක්‍රියාකාරීන් උත්සාහ නොකරනු ඇතැයි කිව හැකිද?

මෙම පසුබිම මත එකී යුද අපරාධ චෝදනා සනාථ කිරීම සඳහා විදේශිකයන් සමග කොළඹ රාජ්‍ය නොවන සංවිධානයන් රහස්‌ සාකච්ඡා පවත්වා ඇත.

එහෙත් රජයේ බලධාරීන්ට ඒ බව හෙළි වී නැත. ඇමරිකාවේ නිව්යෝර්ක්‌හි පිහිටි අයි. සී. ටී. ඡේ. නමැති රාජ්‍ය නොවන සංවිධානය පසුගියදා එඩුරාදො ගොන්සාලේස්‌ නමැත්තාව මෙරටට එවීය. ඔහු කොළඹ කින්සි පාරේ පිහිටි වාර්ගික අධ්‍යාපන ආයතනයේ බලධාරීන් සමග සාකච්ඡාවක්‌ පවත්වා ඇත්තේ අර්බුදයේදී උල්ලංඝනය වූ ක්‍රියාදාමයන්ට එරෙහිව කටයුතු කරන්නේ කෙසේද යන්නයි.

මෙම සාකච්ඡාවේදී ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්විය යුතු බව ඔහු සඳහන් කර ඇත.

මේ අතර ජිනීවා යුද අපරාධ විමර්ශන වාර්තාව එළි දැක්‌වීමට ඉතා සමීපව තිබියදී විදෙස්‌ අරමුදල් ලබන කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක්‌ වූ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රාය ප්‍රකාශයක්‌ කරමින් එකී විමර්ශන වාර්තාවට ඔබ්බෙන් පුළුල් විමර්ශනයක්‌ පැවැත්විය යුතු යෑයි ප්‍රකාශ කර තිබේ.

මෙම එන්. ජී. ඕ. සංවිධානය තවදුරටත් පවසා ඇත්තේ අවසන් සටනේදී සිදුවූයේ කුමක්‌ද යන්න දැන ගැනීමට කෙටිකාල සීමාවක්‌ තුළදී විශේෂ විමර්ශනයක්‌ පැවැත්විය යුතු බවත් එය ජාත්‍යන්තර විමර්ශනයක්‌ හෝ අභ්‍යන්තර විමර්ශනයක්‌ වුවත් සාධාරණ විය යුතු බවයි.

මෙයට සමානව ඕස්‌ටේ්‍රලියානු ගී්‍රන් පක්‍ෂයේ මන්ත්‍රීවරියක්‌ වූ ලී රිහානොයින්a සිය ටුqවිටර් වෙබ් අඩවි මගින් ප්‍රකාශයක්‌ කරමින් හිටපු ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජය වීම නිසා ඔහු සහ ඔහුගේ සොහොයුරන් හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය වෙත රැගෙන යා යුතු යෑයි දක්‌වා ඇත.

මෙම ගී්‍රන් පක්‍ෂ මන්ත්‍රීවරිය කොටි ඩයස්‌පෝරාව සමග දැඩි සබඳතාවක්‌ පවත්වයි. මේ අතර ස්‌විට්‌සර්ලන්තයේ එන් ඩී. පී. පක්‍ෂයේ නායක පිලිප් මූලර් එරට සිටින සරණාගත ඊළම් දෙමළ ජනතාව පිටුවහල් කළ යුතු යෑයි රජයෙන් ඉල්ලා ඇත.

ස්‌විට්‌සර්ලන්තයේ ස්‌ථිර පුරවැසි බව ලබාගෙන සිටින දෙමළ සරණාගතයන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇති බවත් ඔවුන් ජීවත් වූ රටේ යුද්ධය සමථයකට පත් වූ පසු ඔවුන්ට නැවත එම රටට පිටුවහල් කළ යුතු බවත් හෙතෙම දක්‌වා තිබේ. මෙම පසුබිම මැද මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක්‌ මත නෝර්වේ පුරවැසියකු වූ සේතුරූපන් නමැත්තා නෙල්ලිඅඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පේදුරුතුඩුව මහෙස්‌ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලදුව අගෝස්‌තු 28 දා තෙක්‌ රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග විය. අපි මොහු ගැන ත්‍රස්‌ත මර්දන ඒකකය සහ රහස්‌ පොලිසිය වෙත දන්වා තිබෙනවා යෑයි නෙල්ලිඅඩි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවසීය.

මෙහිදී නැගෙන ප්‍රශ්න නම් නෝර්වේ පුරවැසියකුට මෙරට මැතිවරණ කටයුතුවලට මැදිහත්විය හැකිද යන්නයි. මොහුව මෙරටින් පිටුවහල් කළ යුතු බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටී.

මේ වනවිට මේ නෝවීජියානුවාව මෙරටට ගෙන්වා ඇත්තේ කව්දැයි බුද්ධි අංශවලට හෙළි වී ඇත. ද්‍රවිඩ සංධානය ද මොහු යාපනයට පැමිණ මැතිවරණ කටයුතුවල නිරත වීම ගැන නිරීක්‍ෂණයේ යෙදී ඇතැයි වාර්තා විය. සේතුරූපන්ගේ අතීත ක්‍රියාදාමයන් ගැන ද මෙරට බුද්ධි අංශ විසින් සොයාගෙන ඇත.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කළ පරීක්‍ෂණ මණ්‌ඩලයේ වාර්තා මත ශ්‍රී ලංකාවේ දේශපාලන හා හමුදා නායකත්වයට දඬුවම් කරන ලෙසත් උතුරු නැගෙහිර සඳහා එක්‌සත් ජාතීන්ගේ අධීක්‍ෂණය යටතේ ජනමත විචාරණයක්‌ පවත්වන ලෙසත් ඉල්ලමින් සැප්. 21 වැනිදා පස්‌වරු 2 සිට 6 දක්‌වා ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ස්‌විට්‌සර්ලන්තයේ දෙමළ සම්බන්ධීකරණ කමිටුව මෙහෙයවන මෙම උද්ඝෝෂණයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල සිටින ඊළම් වාදීන් විශාල පිරිසක්‌ ජිනීවා නුවරට ගෙන ඒමට සැළසුම් කර තිබේ. ජිනිවා වාර්තාවෙන් ශ්‍රී ලංකාව යුද අපරාධ කර ඇති බවට තීරණය කර ඇතැයි එකී සම්බන්ධීකරණ කමිටුව යුරෝපයේ ඊළම් සංවිධාන වෙත යෑවූ විද්යුත් ලිපියකින් හෙළි වී තිබේ.

මෙවර මැතිවරණයෙන් පරාජයට පත් වූ ද්‍රවිඩ සංධානයෙන් හිටපු මන්ත්‍රි සුරේශ් ප්‍රේමචන්ද්‍රන් ද පසුගිය අඟහරුවාදා ද්‍රවිඩ ඩයස්‌පෝරාව වෙත සංදේශයක්‌ යවමින් ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව මත ද්‍රවිඩ සන්ධානය ජාත්‍යන්තර විමර්ෂණයක්‌ ඉල්ලා සිටින බව දක්‌වා තිබේ. මෙම මැතිවරණයේදී යාපනයට තරග කළ හිටපු කොටි ක්‍රියාකාරීන් කණ්‌ඩායම අන්ත පරාජයට පත් විය. ඔවුන්ට ලැබුණේ ඡන්ද 1979 කි. ගඡේන්ද්‍රකුමාරන් පොන්නම්බලම්ගේ කණ්‌ඩායමට ද ඡන්ද 15,022 ක්‌ ලැබුණත් ඔවුන්ට එකම ආසනයක්‌ හිමිවී නැත.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.