හිරේ යන්න කැමතිනම් ජිනීවා ගැන බොරු කියන්න

පියසේන දිසානායක

නව රජය රටේ ප්‍රශ්න විසඳීමේ අරමුණින් ක්‍රියාවට නංවන වැඩපිළිවෙළ සම්බන්ධව අසත්‍ය ප්‍රචාර පතුරුවමින් ජනතාව නොමග යෑවීමට උත්සාහ ගන්නා පාර්ශ්ව වලට එරෙහිව දැඩි පියවර ගැනීමට තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු 'දිවයින ඉරිදා සංග්‍රහය'ට පැවැසීය.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ ලේකම්වරයාගේ වාර්තාව (ජිනීවා) සම්බන්ධව මේ වන විටත් ඇතැම් පාර්ශ්ව ජනතාව නොමග යෑවීම සඳහා අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවට රජයට තොරතුරු ලැබී ඇතැයි එම ඇමැතිවරයා පැවැසීය.

රජය ගෙනයන වැඩපිළිවෙළ සාධනීය ලෙස විවේචනය කිරීමට ඕනෑම පුද්ගලයකුට අයිතිය ඇතත් අසත්‍ය ප්‍රචාර සැලසුම් කරමින් ජනතාව නොමග යවමින් රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීමට කිසිදු පාර්ශ්වයකට අයිතියක්‌ නැති බව කී ඇමැතිවරයා එලෙස ක්‍රියා කරන කණ්‌ඩායම් පිළිබඳව දැඩි ලෙස රජය විමසිලිමත්ව සිටින බව පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.