ඇමරිකානු යෝජනාව ඒකමතිකව සම්මත වන ලකුණු

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට

ශ්‍රී ලංකාව සම්බන්ධව ඇමරිකානු යෝජනාව ඡන්ද විවසීමකින් තොරව ඒකමතිකව සම්මත වීමට නියමිතය.

මෙම යෝජනාවට ඇතැම් රටවල් සංශෝධන ඉදිරිපත් කෙරෙන බව ජිනීවා ආරංචි මාර්ග ඊයේ (24 දා) පැවසීය. ශ්‍රී ලංක රජයද මෙම ඇමරිකානු යෝජනාවට සහය පළකර ඇත.

ද්‍රවිඩ සන්ධානයද මෙම යෝජනාවට සහය දක්‌වා ඇති අතර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන් මහතා ඒ බව නිවියෝර්ක්‌ නුවරදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු බලධාරීන්ට දැනුම් දී තිබේ.

මෙම යෝජනාව අද (30 වැනිදා) විවාදයට ගනු ඇත. එහෙත් ගෝලීය ද්‍රවිඩ සංසදය හැර අනිකුත් ඊළාම් සංවිධාන 11 ක්‌ ඊට විරුද්ධවී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.