දේශීය පරීක්‍ෂණයකට හිටපු ජනපති අකුල් හෙළීම කනගාටුවක්‌
- ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල

ප්‍රියදර්ශන ලියනගේ

යුද අපරාධ පිළිබඳව දේශීය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට රජය කටයුතු කරන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊට අකුල් හෙළීම හාස්‍යයට සහ කනගාටුවට කරුණක්‌ යෑයි සභානායක, විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා 'දිවයින'ට 28දා පැවැසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා මෙසේ ද කීය. යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව සහ ලෝකයේ ප්‍රබල රටවල් ගණනාවක්‌ ගත් උත්සාහය පරාජයට පත්කොට දේශීය පරීක්‍ෂණයක්‌ සඳහා ලෝකයේ ප්‍රබල රටවල් සහ ජාත්‍යන්තර ප්‍රජාව එකඟ කර ගැනීමට හැකිවීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්‌.

එදා ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සඳහා කියලා දේශීය පරීක්‍ෂණයකට අවශ්‍ය ඉඩ ලබා දුන්නේ මහින්ද රාජපක්‍ෂ මහතායි. එම නිසා පටු දේශපාලන වාසි තකා රට ගිනි තියන ප්‍රකාශ නොකොට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ පිළිබඳ චෝදනාවලින් අපේ රට සහ රණවිරුවන් බේරා ගැනීම සඳහා සියලුම දෙනා රජයට සහාය දිය යුතුයි.

ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවලා උත්සාහ කරන්නේ මේ රටේ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පවතින ජාතික ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට යෑයි ද ඇමැතිවරයා පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.