වෛද්‍ය වැටුප් විෂමතාව ගැන සාකච්ඡාවක්‌

ඒමන්ති මාරඹේ

වසර නවයක කාලයක්‌ මුළුල්ලේ නොවිසඳී පවතින රජයේ වෛද්‍යවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් තම සංගමය හා රජය අතර විශේෂ සාකච්ඡාවක්‌ ලබන බදාදා (18 දා) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වෙන බව අලුතින් පිහිටුවා ගනු ලැබූ බහුවිධ අංශයන්හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වසර 2006 සිට නොවිසඳී පවතින වෛද්‍යවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නය සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක්‌ ලබා ගැනීමට මෙම සාකච්ඡාව හරහා බලාපොරොත්තු වන බව එම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුචිර සරණපාල මහතා "දිවයින" ට පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.