පැරිස්‌ ප්‍රහාරය සැලසුම් කළ අයිසිස්‌ ත්‍රස්‌තයාව
ප්‍රංශ පොලිසිය මුදාහැරියා

අයිසිස්‌ ත්‍රස්‌ත කණ්‌ඩායම එල්ල කල පැරිස්‌ ප්‍රහාරය ගැන ස්‌විට්‌සලර්ලන්තයේ සෙයිටුන් පුවත්පත පැවසුවේ සියලු දේටම වඩා ආරක්‍ෂාවට මුල් තැන දිය යුතු බවයි.

සැප්තැම්බර් 11 ඇමරිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් දේශපාලකයන් පාඩමක්‌ ඉගෙන ගත යුතුයි. නැත්නම් ත්‍රස්‌තවාදීන් ඔවුන්ගේ යුද්ධය ජය ලබනවා යෑයි එම පුවත්පත අනතුරු අඟවමින් පල කළේය

* පැරිස්‌ ප්‍රහාරයට සම්බන්ධ සලා අභිදේසලාම් සොයා යුරෝපය පුරා මෙහෙයුමක්‌

* පැරිසියට ත්‍රස්‌ත්‍ර ප්‍රහාරයක්‌ එල්ල වන බව ඉරාක චර පුරුෂයන් පැය 24 කට පෙර අනතුරු අඟවා තිබුණා.

* ප්‍රංශ ප්‍රහාරක යානා සිරියාවේ අයිසිස්‌ මූලස්‌ථානයට ප්‍රහාර එල්ල කරති

පැරිසියට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල වන බවට ඇමරිකාව ප්‍රමුඛ බටහිර බුද්ධි සේවා පැය 24 කට කලින් ප්‍රංශ බලධාරීන්ට අනතුරු අඟවා තිබුණි. ඉරාක චරපුරුෂයන්ද අනතුරු අඟවමින් අයිසිස්‌ ත්‍රස්‌තයන් 27 ක පිරිසක්‌ පැරිසියට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක්‌ දියත් කර ඇතැයි දන්වා තිබූ බව හෙළි විය.

මේ බුද්ධි සේවා අනතුරු ඇඟවීම නොසලකා හැරී බව ප්‍රංශ බලධාරීන් දැන් පිළිගෙන ඇත.

එසේම ප්‍රංශ රැගුම් හලට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල වන බවට පසුගිය අගෝස්‌තු මස ඔත්තුවක්‌ද ලැබී තිබේ. මේ පසුබිම මැද පැරිස්‌ පුරවරයට ත්‍රස්‌ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්‌ත කණ්‌ඩායමේ දෙදෙනෙක්‌ සිssරියානු අනාථයන් ලෙස යුරෝපයට ඇතුළු වී ඇතැයි තවදුරටත් අනාවරණය විය.

129 ක්‌ මරුමුවට පත් කරමින් පැරිසියට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්‌ත කණ්‌ඩායමට සොහොයුරන් තිදෙනෙකු අයත් බව ප්‍රංශ බුද්ධි සේවාව සොයාගෙන ඇත.

මෙම බිහිසුණු ත්‍රස්‌ත ප්‍රහාරයට ඒකාබද්ධ ත්‍රස්‌ත කණ්‌ඩායම් තුනක්‌ සහභාගී වී තිබේ.

ප්‍රංශ නඩු අධ්‍යක්‍ෂවරයා හෙළි කරන අන්දමට සලා අබ්දේසාලම් යන ඔහුගේ සොහොයුරු ඉබ්‍රාහිම් අබ්දේසාලම්, ඔමාර් මොස්‌ටෙපායි සම්බන්ධ වී ඇත.

මින් සලා අබ්දේසාලම් පැන ගොස්‌ ඇති අතර ප්‍රංශ පොලිසිය ඔහු සොයා දැවැන්ත මෙහෙයුමක්‌ අරඹා තිබේ.

මෙම ප්‍රහාරයට භාවිතා කළ මෝටර් රියක්‌ද ප්‍රංශ විමර්ශන කණ්‌ඩායම් විසින් සොයාගෙන තිබූ අතර එහි තිබී කැලෂිනනෝව් අවි තුනක්‌ හමු වී ඇත.

අයිසිස්‌ ත්‍රස්‌තයන්ගෙන් බහුතරය භාවිතා කරන්නේ ඒන්ජල් කිං යන නමින් හඳුන්වන කැලෂිනකෝව් ප්‍රහාරක අවියි.

මෙකී විනාශකාරී ත්‍රස්‌ත ප්‍රහාරය එල්ල වී පැය කීපයකට පසු ප්‍රංශ බෙල්ජියානු දේශසීමාව ඔස්‌සේ පැමිණි වොක්‌ස්‌වැගන් පොලෝ රථයක්‌ නතර කර එහි සිටි තැනැත්තාගෙන් ප්‍රශ්න කර ඇත.

තමා රෝගී ඥාතීයකු බැලීමට යන බව රථයේ පැමිණි තැනැත්තා ප්‍රංශ දේශසීමා පොලිසියට පවසා තිබේ.

එහෙත් එම රිය පදවා ගෙන පැමිණියේ පැරිස්‌ පුරවරයට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කළ කණ්‌ඩායමට අයත් සලා අබ්දේසලාම් නැමැති බිහිසුණු ත්‍රස්‌තයා බව පොලිස්‌ නිලධාරීන්ට වාර්තා වී නොතිබුණි.

මේ නිසා වොක්‌ස්‌වැගන් රියට බෙල්ජියම වෙත යැමට ඉඩ දී ඇත.

මේ වන විට සලා අබ්දේසලාම්ගේ එක්‌ සොහොයුරෙක්‌ සිය බෝම්බ කඹාය පුපුරුවාගෙන ජිවිතක්‍ෂයට පත්ව තිබුණි. ඔහු බ්‍රහිම් අබ්දෙල්සලාම් යෑයි හෙළි විය. තවත් සොහොයුරෙක්‌ බෙල්ජියම් පොලිසියද අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්‌ත ප්‍රහාරයට සම්බන්ධ වු තවත් ත්‍රස්‌තයකු වූ 29 හැවිරිදි ඉස්‌මයිල් මොස්‌ටෙසායි සිය බෝම්බ කඹාය පුපුරුවාගෙන සිය දිවි නසා ගෙන තිබේ. මොහුව ප්‍රංශ පොලිසිය හඳුනාගෙන ඇත්තේ කැඩී විසි වී තිබූ ඇඟිල්ලක්‌ මගිනි. මේ අතර ප්‍රංශ බෙල්ජියම් දේශසීමාවේදී සලා අබ්දෙල්සලාම් නැමැති ත්‍රස්‌තයාට යැමට ඉඩ දීමේ සිද්ධිය ගැන දැන් ඉහළ පෙලේ පරීක්‍ෂණයක්‌ පැවැත්වේ.

පැරිස්‌ බුසල්ස්‌ ඒ 2 අධිවේගී මාර්ගයේ පැමිණි සලා අබ්දෙල්සලාම් සතුව බෙල්ජියම් හැඳුනුම්පතක්‌ තිබූ බව ප්‍රංශ පොලිසිය කියයි.

පැරිස්‌ පුරවරය සමීපයේ තිබී සොයාගත් වෙක්‌ස්‌වැගන් රථය අත්හැර දමා ඇත්තේ අබ්දෙල් සලාම් යෑයි හෙළි වී ඇත.

බෙල්ජියම් දේශසීමාව අසලට පැමිණි රථයේ මිනිසුන් තිදෙනකු සිටි බවත් ඉන් එක්‌ අයෙක්‌ අබ්දෙල්සලාම් බවත් දේශසීමා නිලධාරීන් හඳුනාගෙන තිබුණි. එහෙත් රථයේ සිටි පිරිස පැරිස්‌ ප්‍රහාරයට සම්බන්ධ බවට ඒ වන විට තොරතුරු වාර්තා වී නොතිබුණි.

පැරිස්‌ ත්‍රස්‌ත ප්‍රහාරය සඳහා යොදාගත් වාහන දෙකක්‌ බෙලිජියමෙන් කුලියට ගෙන තිබුණි.

මේ වන විට ත්‍රස්‌ත ප්‍රහාරයට සම්බන්ධ හත් දෙනෙක්‌ අත්අඩංගුවට ගෙන ඇතැයි බෙල්ජියම් පොලිසිය හෙළි කර ඇත.

පැරිස්‌ නුවරට එල්ල වූ මේ ත්‍රස්‌ත ප්‍රහාරය ගැන තුර්කියේ පැවැති ජී - 20 සමුළුවේදී ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා සහ රුසියානු ජනාධිපති බැලැඩ්මීර් පුටින් විනාඩි 30 ක්‌ තිස්‌සේ සාකච්ඡා පවත්වා තිබේ.

මේ අතරබැටා ක්‌ලැන් රැඟුම් හලේ සංදර්ශනය නරඹමින් සිටි ආබාධිතයන් පවා ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කර ඇතැයි හෙළිවිය.

මෙම ත්‍රස්‌ත ප්‍රහාරයෙන් 352 ක්‌ තුවාල ලබා ඇත. 99 ක්‌ අසාධ්‍ය තත්ත්වයේ සිටින බව ප්‍රංශ පොලිසිය කියයි. මළ සිරුරු 30 ක්‌ තවමත් හඳුනාගෙන නැත. මේ පසුබිම මැද ජෝර්දානයේ හා එක්‌සත් එමීර් රාජ්‍යයේ පිහිටි ප්‍රංශ ගුවන් හමුදා කඳවුරුවලින් පිටත් වූ ප්‍රංශ ප්‍රහාරක යානා දහයක්‌ සිරියාවේ අයිසිස්‌ ත්‍රස්‌ත මූලස්‌ථාන වූ රක්‌කා නගරයට බෝම්බ දමා ඇත.

මෙම ප්‍රහාරවලින් අයිසිස්‌ හමුදා මුලස්‌ථානයක්‌ විනාශ වී තිබේ. මෙකී ත්‍රස්‌ත ප්‍රහාරය ගැන බ්‍රිතාන්‍ය එම්. අයි. 5 බුද්ධි සේවාව අනතුරු අඟවමින් පැවසූවේ සිරියානු අනාථයන්ට මුවා වී අයිසිස්‌ ත්‍රස්‌තයන් යුරෝපයට පැමිණිය හැකි බවයි.

එය සනාථ වුයේ පුපුරුවාගත් බෝම්බකරුවකු සමීපයේ තිබී හමු වූ සිරියානු ගමන් බලපත්‍රයකිනි. මේ ගමන් බලපත්‍රය ලෙරොස්‌ නැමැති ග්‍රික දූපතේදී සකස්‌ කර ඇත. මෙම ගමන් බලපත්‍රය හිමි ත්‍රස්‌තයා ඉන් ඇතෑන්ස්‌ නුවරට පැමිණ අතුරුදන් වී ඇත. මේ ගමන් බලපත්‍රය සර්බියාවේ හා කෝෂියාවේද ලියාපදිංචි කර තිබේ.

ප්‍රංශ පොලිසිය මේ වන විට සොයාගෙන ඇති තොරතුරුවලට අනුව ත්‍රස්‌ත කණ්‌ඩායමේ එක්‌ අයෙක්‌ පැරිසිය අසල පිහිටි කොර්නොරෝනස්‌ නගරයේ පදිංචි මොස්‌ටෙපාට්‌ නැමැත්තාය. අනිත් දෙදෙනා බෙල්ජියමේ පදිංචි ප්‍රංශ ජාතිකයන්නය.

අයිසිස්‌ ත්‍රස්‌ත කණ්‌ඩායම එල්ල කල පැරිස්‌ ප්‍රහාරය ගැන ස්‌විට්‌සලර්ලන්තයේ සෙයිටුන් පුවත්පත පැවසුවේ සියලු දේටම වඩා ආරක්‍ෂාවට මුල් තැන දිය යුතු බවයි.

සැප්තැම්බර් 11 ඇමරිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් දේශපාලකයන් පාඩමක්‌ ඉගෙන ගත යුතුයි. නැත්නම් ත්‍රස්‌තවාදීන් ඔවුන්ගේ යුද්ධය ජය ලබනවා යෑයි එම පුවත්පත අනතුරු අඟවමින් පල කළේය.

පැරිසියට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයේදී ත්‍රස්‌තයන් පැළඳ සිටියේ බෝම්බ කබාය.

මේ බෝම්බ කබා ලොව ත්‍රස්‌තවාදයට හඳුන්වා දුන්නේ කොටි නායක ප්‍රභාකරන්ය. ප්‍රභාකරන් බොම්බ කබා යොදවා විනාශ කාරී ක්‍රියා සිදු කරද්දී මුළු ලොවම බලා සිටියේය. දැන් ඒ ක්‍රමවේදය බටහිරට පාරාවලල්ලක්‌ වී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.