2015 නොවැම්බර් 17 අගහරුවාදා

 

 

 

    
    Divaina Editor
    contact webmaster

අයවැයෙන් පසු ඇමැති
මණ්‌ඩලය යළි අනයි ?

මෙවර අය - වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වසර අග සතියේ අමාත්‍ය මණ්‌ඩල සංශෝධනයකට රජය පියවර ගනිමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ "දිවයින"ට වාර්තා වේ.

ඊ පී එෆ්. - ඊ ටී එෆ්.
ගැන අනියත බියක්‌
ඇතිකර ගන්න එපා

- අගමැති වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සම්බන්ධව කිසිදු ආකාරයක අනියත බියක්‌ ඇතිකර නොගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෘත්තීය සමිති නියෝජිතයන්ට ඊයේ (16 දා) දැනුම් දුන්නේය.

එච්එන්ඩීඒ - උපාධියට සමාන කිරීමේ
චක්‍රලේඛය
ලබන සතියේ

උසස්‌ ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව (එච් එන් ඩී ඒ) වාණිජවේදී උපාධියට සමාන කිරීමේ චක්‍රලේඛය ලබන සතියේ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ඡේ. දඩල්ලගේ මහතා "දිවයින" ට පැවසීය.

තවත් කොටි
සැකකරුවන්
8 දෙනකුට ඊයේ
ඇප ලැබේ

ත්‍රස්‌තවාදී ක්‍රියාවන්ට අදාළව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කළ තවත් එල්. ටී. ටී. ඊ. සැකකරුවන් 8 දෙනකු කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඊයේ (16 දා) රුපියල් ලක්‍ෂ දහයක්‌ වටිනා ශරීර ඇප දෙක බැගින් දැඩි කොන්දේසි සහිතව මුදාහරිනු ලැබුවාය.

ශ්‍රීලනිප විශේෂ මධ්‍යම
කාරක සභා රැස්‌වීම අද

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඇතිවී තිබෙන අභ්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්‌වීමක්‌ අද (17 වැනිදා) සවස පැවැත්වේ.

ඉඩම් රාජ්‍ය ඇමැති ධුරයේ
වැඩ කරන්න බලතල නෑ

- ටී. බී. ඒකනායක

ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස දිවුරුම් දී වැඩ බාරගත්ත ද ඇමැති ධුරයේ වැඩ කිරීම සඳහා අවශ්‍ය බලතල තමන්ට මෙතෙක්‌ ලැබී නැතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා "දිවයින" ට ඊයේ (16 දා) පැවසීය.

නිෂ්පාදනය මූලික
කරගත් ආර්ථික වර්ධනයකට
රජයේ වැඩි අවධානය යොමු කර තිබෙනවා

ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ
රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ

ශ්‍රී ලංකාවේ පවතින විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සමග නිෂ්පාදනය පදනම් කරගත් එනම් විශේෂයෙන්ම රථවාහන එකලස්‌ කිරීම වැනි බැර කර්මාන්ත මුල්කරගත් ආර්ථික වර්ධනයක්‌ කෙරෙහි රජය වැඩි අවධානයක්‌ යොමුර ඇතැයි. ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පැවැසීය.

මාරුවීම් ලැබී
නොගිහින් සිටින
වෛද්‍යවරුන්ට
සතියක්‌ කල්දෙයි

ස්‌ථාන මාරුවීම් ලැබ එහෙත් එය ක්‍රියාත්මක නොකරන වෛද්‍යවරුන් 3,870 දෙනා සතියක්‌ ඇතුළත තමන්ට මාරුවීම් ලද රෝහලට යා යුතු බවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා උපදෙස්‌ දී ඇත.

එක්‌නැලිගොඩ
සිද්ධියේ සැකකාර
ලුතිනන් කර්නල්
සම්පත් ලක්‌මාල් ඝාතනයටත් සම්බන්ධයි

- සීඅයිඩී විමර්ශනවලින් හෙළි වේ


මත්ද්‍රව්‍ය අලෙවිය
නතර කළොත්
රජය පෙරළීම අනිවාර්යයි

ජනපති කෑගල්ලේදී කියයි

රටේ මත්ද්‍රව්‍ය අලෙවිය නවත්වන්නට කටයුතු කළහොත් ඒ අය මේ ආණ්‌ඩුව අනිවාර්යයෙන්ම පෙරළා දැමීමට කටයුතු කරනවා යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.


හයකෝටි හැටලක්‍ෂයක
රට සල්ලි රැගෙන
ඩුබායි යැමට ඇවිත් මත්තලදී දැලේ

රුපියල් හයකෝටි හැටලක්‍ෂයකට අධික විදේශ මුදල් නීති විරෝධී ආකාරයට ඩුබායි බලා රැගෙන යැමට තැත් කළ ගුවන් මගියකු මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් ඊයේ (16වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

සිරියාවේ අයිසීස්‌
ත්‍රස්‌ත මූලස්‌ථානයට ප්‍රංශ ප්‍රහාර

සිරියාවේ රක්‌තා නගරයේ පිහිටි අයිසිස්‌ ත්‍රස්‌ත මුලස්‌ථානයට පෙරේදා (15 දා) රාත්‍රියේ සිට ප්‍රංශ ප්‍රහාරක යානා දැවැන්ත ප්‍රහාරයන් එල්ල කරන බව ප්‍රංශ ආරංචි මාර්ග පවසයි.

මහින්දගේ
ජන්ම දිනයට හෙට
ශ්‍රී මහා බෝධිය අබියස පිංකම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් හෙට (18 වැනිදා) පස්‌වරු 4.00 ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී ඒකාබද්ධ විපක්‍ෂයේ මෙහෙයවීමෙන් විශේෂ ආගමික උත්සවයක්‌ පැවැත්වේ.



අයවැය හැදෙන හැටි දිවයින දුටු සැටි...

අල්ලස තුරන් කරන තුන් අවුරුදු සැලැස්‌ම
දෙසැ. 9 දා
ප්‍රකාශ කරනවා

- අල්ලස්‌
කොමසාරිස්‌ ජනරාල්

අල්ලස හා දූෂණය තුරන් කරන තුන් අවුරුදු සැලැස්‌ම ලබන දෙසැම්බර් 09 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩිල්රුක්‌ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මිය ඊයේ (16වැනිදා) පැවැසූවාය.


අතුරුදන්වූ ජනසතු කළ මුල්ම බස්‌රිය
බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ

ළමයින්
ඉලක්‌ක කරගත්
ආහාර ප්‍රචාරණය වළකමු


මෙරට ළමා පරපුර අතර බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් පැතිර යැම හේතුවෙන් එම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති ළමයින් ඉලක්‌කකරගෙන ආහාර වර්ග පිළිබඳව ප්‍රචාරණය සිදුකිරීම නැවැත්වීමට බලධාරීන් පියවර ගත යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කර සිටී.

භාරත ඝාතන නඩු විභාගය
සරත්, තුෂාර අත
තිබූ ටී 56
ගිනිඅවිය අරගෙන
භාරත මහත්තයා සිටි දෙසට වෙඩි
තබනවා දුටුවා


  
 
 
  • ඌව පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරුන්
    පත්කිරීමේ අවුල දිග්ගැස්‌සේ


    ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමැති හරීන් ප්‍රනාන්දු සහ මන්ත්‍රී රවීන්ද්‍ර සමරවීර යන මහත්වරු පාර්ලිමේන්තුවට පත්වීමෙන් අනතුරුව හිස්‌ වූ මන්ත්‍රී ධුර දෙකින් එකකට ආචාර්ය ප්‍රදීප් විඡේවර්ධන මහතා හැර වෙනත් අයකු නම් කිරීම වළක්‌වාලමින් එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතාට කොළඹ දිසා අධිකරණය පැනවූ වාරණ නියෝගය ඉකුත් සිකුරාදා ඉවත් කළේය.
     
  • අධිබල විදුලිසර වැදී අලි දෙදෙනෙක්‌ මරුට

    කල්අඩිය ප්‍රදේශයේ සැරිසැරූ වල් අලින් දෙදෙනකු අධිබල විදුලිසර වැදීමෙන් 15 වැනිදා රාත්‍රියේ එම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මිය ගොස්‌ තිබේ.

 


 
  • යහපාලන භූමිකාවට පසුවදනක්‌

    වංචා දූෂණවලින් තොර ජනතා අපේක්‍ෂා ඉටුකරන තලයකට ප්‍රවේශවීම යහපාලනයේ අභිප්‍රායයි. ආර්ථික ක්‍ෂේත්‍රය උත්තලයකට පත්වන්නේ ඒ ඒ තැන්වලට සුදුස්‌සන් පත්කිරීම මතය. විෂය ක්‍ෂේත්‍ර ගැන මනා පරිචයක්‌, ප්‍රාගුන්‍යක්‌ ඇති ඇය පත්කිරීමට යහපාලනය වගබලාගත යුතුය. විශේෂයෙන් උගතුන්ගෙන්, වියතුන්ගෙන් උපරිම ඵල නෙළාගත යුතුය.
     
  • මීරියබැද්දට වසරයි උමාඔයට අවසරයි

    මීරියබැද්දේ ජනතාව වළදමා වසරක්‌ යන්නට මත්තෙන් බණ්‌ඩාරවෙල, උඩපේරුව, පහළපේරුව, මැදපේරුව, අම්පිටිය, පල්ලේපේරුව, කරගහවෙල, බොරලන්ද, රජකොටුව, පුහුල්පොල, දික්‌පිටිය, ඉහළකොටවර, පහළකොටවර, මඩුවේගෙදර, අඔදණ්‌ඩා ගම, අභයපුර, කන්දේකැටිය ජනතාවට බීමට දිය පොදක්‌ නොමැති තරමට ළිං සිඳී ගොස්‌ය. දැනට මෙම ප්‍රදේශවලට වතුර ලීටර් 180000 දිනකට සපයනු ලබන්නේ උමාඔය ව්‍යාපෘතිය කරගන යනු ලබන ආයතන විසිනි. මෙම ප්‍රදේශවලද ගෙවල් කඩාවැටී විනාශවී ගොස්‌ය, පොළව අඩි ගණන් පැලී ගිලාබැස ඇත.

  

  • පසුගිය දින 21 තුළ සංවර්ධන ලොතරැයි
    මණ්‌ඩලය රු. මි. 129ක ත්‍යාග පිරිනමයි


    සංවර්ධන ලොතරැයි මණ්‌ඩලය මගින් දිනුම් අදින ලොතරැයිපත්වලින් පසුගිය දින 21ක්‌ තුළදී සුපිරි ජයමලු හිමිකරගත් ජයග්‍රාහකයන්ට රුපියල් මිලියන 129කට වැඩි මුදලක්‌ මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16වැනිදා) පෙරවරුවේ සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයේදී බෙදා දෙනු ලැබීය.

  


 
  • දැල්පන්දු පුහුණු සංචිතයෙන්
    "කට්‌ටි පනින" ක්‍රීඩිකාවන්ට රතු එළියක්‌


    ලබන වසරේ ජුලි මාසයේදී පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතාව සහ ඉදිරි ජාත්‍යන්තර තරගාවලි ඉලක්‌ක කරමින් ජාතික දැල්පන්දු සංචිතයක්‌ තෝරා ගැනීමට දැල්පන්දු සංගමය කටයුතු යොදා ඇත. එහෙත් පසුගිය සැප්තැම්බර් සහ ඔක්‌තෝම්බර් මාසවලදි පැවැති අදාල තේරීම් පරීක්‍ෂණ සඳහා ජාතික කණ්‌ඩායම නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සහභාගි නොවීම විමතිය දනවන කරුණක්‌ වී තිබේ.
     
  • මඩුගල්ලේගෙන් ත්‍රිත්ව ශතකයක්‌

    එක්‌දින තරග 300 ක තරග තීරකයවරයා ලෙස කටයුතු කරන ලද ලොව පළමුවැන්නා බවට ශ්‍රී ලාංකික තරග තීරකවරයකු වන රංජන් මඩුගල්ලේ මහතා තේරී පත්විය.

  

Kapruka Shopping |  News





 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.