ස්‌විට්‌සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්තයේ
මුහුණු ආවරණය පළඳින කාන්තාවන්ට
ප්‍රෑන්ක්‌ 10000 ක දඩයක්‌

ස්‌විට්‌සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්ත රජය විසින් ප්‍රසිද්ධ ස්‌ථානවල මුහුණු ආවරණ පළඳින මුස්‌ලිම් කාන්තාවන්ට ප්‍රෑන්ක්‌ 10000 ක දඩයක්‌ නියම කිරීමට තීරණය කර ඇත.

මුහුණු ආවරණය පැළඳීම තහනම් කිරීම ස්‌විස්‌ නීතිය උල්ලංඝනය කිරීමක්‌ නොවන බවද ස්‌විස්‌ පාර්ලිමේන්තුව ප්‍රකාශ කර තිබේ.

මෙම මුහුණු ආවරණය සාප්පු සංකීර්ණ, අවන්හල් සහ වෙනත් ප්‍රසිද්ධ ස්‌ථානවල පැළඳීම තහනම් වේ.

ප්‍රංශය ද මුහුණු ආවරණ පළඳින කාන්තාවන්ට යුරෝ 35 ක දඩයක්‌ නියම කිරීමට තීරණය කර ඇත.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.