යාපනයේ සරසවි සිසුහු 'කොටි කේක්‌' කපති

කීර්ති වර්ණකුලසූරිය

යාපනය විශ්වවිද්‍යාලවල සිසුන් කේක්‌ ගෙඩියක්‌ කපමින් ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරා ඇත. "ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරමු" යනුවෙන් දැක්‌වෙන විශාල පෝස්‌ටරයක්‌ද සුබ උපන්දිනයක්‌ වේවා යයි දැක්‌වන පෝස්‌ටරයක්‌ ද විශ්වවිද්‍යාලවල ඉතිහාස සමාජය නමැති ශාලාවේ ප්‍රදර්ශනය කර තිබේ.

ශ්‍රී ලංකා හමුදාවට හා පොලිසියට යාපනය විශ්වවිද්‍යාල තුළට යැමට අවසර නැති නිසා මෙකී නීති විරෝධී ක්‍රියාදාමයන් සිදුවී ඇතැයි උතුරේ ආරක්‌ෂක ආරංචි මාර්ග පැවැසීය. මේ අතර "ප්‍රභාකරගේ 61 වැනි උපන් දිනය සමරමු" මැයෙන් දුන් පෝස්‌ටර් තොගයක්‌ කිළිනොච්චියේ තිබියදී ආරක්‌ෂක අංශ විසින් සොයාගෙන ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.