2015 දෙසැම්බර් 08 අගහරුවාදා

 

 

 

    
    Divaina Editor
    contact webmaster

ආචාර්ය නාලක ගොඩහේවා රිමාන්ඩ්

විනිමය සහ සුරැකුම්පත් කොමිසමේ සිදුවී ඇතැයි කියන රුපියල් මිලියන 5ක මූල්‍ය වංචාවක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගත් එහි හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ලබන 14 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත්වරයා ඊයේ (7 වැනිදා) නියෝග කළේය.

කැම්පස්‌වලටත්
එච්.අයි.වී ටෙස්‌ට්‌
එක අනිවාර්යයි

- සෞඛ්‍ය අමාත්‍ය රාජිත

විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමේදී එච්. අයි. වී ඇතුළු අනෙකුත් රෝග සම්බන්ධයෙන් රුධිර පරීක්‍ෂාව අනිවාර්ය කිරීමට රජය බලාපොරොත්තු වන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම රුධිර පරීක්‍ෂාව එච්. අයි. වී. සඳහා බව නොපවසා සිදු කිරීමට අදහස්‌ කරන බව කී ඇමැතිවරයා සියලු පාසල් සිසුන් ද, තරුණ සංවිධානවල සාමාජිකයන් ද මෙවැනි රුධිර පරීක්‍ෂාවකට ලක්‌ කෙරෙනු ඇතැයි ප්‍රකාශ කළේය.

සා.පෙළ විභාගය
අද ඇරැඹේ

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (08 දා) ආරම්භ කෙරේ.

ප්‍රේමලාල්
ජයසේකරට ඇප
පසුගිය ජනාධිපති මැතිවරණ සමයේ රත්නපුර ප්‍රදේශයේ සිදුවූ මිනීමැරුමක්‌ සම් බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි රත්නපුර දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා (චොකා මල්ලී) රු. ලක්‍ෂයක මුදල් ඇපයක්‌ පිට මුදා හැරීමට අභියාචනාධිකරණය ඊයේ (07 දා) නියෝග කළේය.

ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට රජය
ඇස යොමයි

සමුපකාර සමිති ඇතුළු කුඩා පරිමාණයේ ණය සපයන ආයතන (ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන) නියමනය කිරීමට හා අධීක්‍ෂණය කිරීමට රජය තීරණය කර ඇත.

මියගිය කොටින්ගේ පවුල්වලට උතුරු
පළාත් සභාවෙන් දොලපිදේනි

මහා විරු පවුල් යෑයි හඳුන්වනු ලැබූ මියගිය කොටි ක්‍රියාකාරීන්ගේ පවුල්වලට හා හිටපු කොටි 147 දෙනකුට රුපියල් 50,000 බැගින් මුදල් පිරිනැමීමට උතුරු පළාත් සභාව තීරණය කර ඇත.

මහින්ද හෝ
ගෝඨාභය අත්අඩංගුවට
ගත්තොත් සඟ පරපුර
ජනතාව සමඟ
පාරට බහිනවා

බෙංගමුවේ නාලක හිමි

ඇවන්ගාඩ් හෝ වෙනයම් ඕනෑම හේතුවක්‌ මුල්කර ගනිමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගතහොත් මේ රටේ දේශප්‍රේමී සඟ පරපුර ප්‍රමුඛ දේශප්‍රේමී ජනතාව ඊට එරෙහිව පාරට බැස විරෝධය පළ කරන බව දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ ප්‍රකාශ කළහ.

කැලණිගඟ ආශ්‍රිත
පතල් ජාවාරමක්‌
තිදෙනකු අත්අඩංගුවට

කිරිඳිවැල පොලිස්‌ වසමේ කැලණිගඟ ආශ්‍රිතව නීතිවිරෝධී ලෙස මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය පතල් කැණීමේ ජාවාරමක්‌ වැටලූ විශේෂ කාර්ය බළකාය එය පවත්වාගෙන ගිය සැකකරුවන් තිදෙනකු පෙරේදා (06 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

හොර රහසේ විදේශීය සමාගම් දෙකකට
මැණික්‌ ගැරීමට
බලපත්‍ර දුන් මැණික්‌ සංස්‌ථාවේ සභාපති
සේවයෙන් පහ කළ

ජනපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදි කියයි

තම අනුදැනුමකින් තොරව හොර රහසේ විදේශීය සමාගම් දෙකකට මැණික්‌ ගැරීම සඳහා බලපත්‍ර දෙකක්‌ නිකුත් කළ මැණික්‌ සංස්‌ථාවේ සභාපතිවරයා සේවයෙන් පහ කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (7 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

හිටපු ජනපතිගේ
ආරක්‌ෂාව
තහවුරු කිරීම
ආණ්‌ඩුවේ වගකීමක්‌

- දිනේෂ් ගුණවර්ධන

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හමුදා නිලධාරීන් 500 ක්‌ හෝ ඊට වැඩි පිරිසක්‌ ලබාදී ඇතැයි පැතිර යන කතාව අසත්‍ය බව කොළඹ දිස්‌ත්‍රික්‌ (එජනිස) මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (7 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

මහින්දට උපරිම
ආරක්‍ෂාව සලසනවා

-ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට උපරිම ආරක්‍ෂාව සපයන බව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

මැදපෙරදිගදී
ශ්‍රී ලාංකික
කතුන් 199ක්‌
අපයෝජනයට ලක්‌වෙලා

- ඇමැතිනි තලතා කියයි

ගතවූ වසර පහ (2010-2014) තුළ මැදපෙරදිග රටවලදී ශ්‍රී ලාංකීය කාන්තාවන් 199 ක්‌ ලිංගික අපයෝජනයන්ට ලක්‌ව ඇතැයි විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

මානව හිමිකම් කොමසාරිස්‌
එ. ජා. ප්‍රඥප්තියේ
දෙවැනි වගන්තිය කඩකරලා

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසෙන් ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්‍ෂණ වාර්තාව කෙටුම්පත් කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දෙවැනි වගන්තිය මුළුමනින්ම උල්ලංඝනය කිරීමෙන් යෑයි හෙළිවී ඇත.

නැගෙනහිර මුහුදේ මළ සිරුරු
සොයා නාවික
හමුදා මෙහෙයුම්

නැගෙනහිර මුහුදේ පාවෙමින් තිබෙන බව කියන නාඳුනන පුද්ගලයන් හයදෙනකුගේ සිරුරු සෙවීමට නාවික හමුදාව දැවැන්ත මෙහෙයුමක්‌ ආරම්භ කර ඇත.

ජාත්‍යන්තර
කාටුන් තරගයෙන්
"දිවයින" කාටුන් ශිල්පියාට සම්මාන








සිතාකෝ ජාත්‍යන්තර කාටුන් සංගමය මගින් දකුණු කොරියාවේදී පවත්වන ලද 4 වැනි සෙජෝන් ජාත්‍යන්තර කාටුන් තරගයෙන් 'දිවයින', 'නවලිය' කාටුන් ශිල්පියකු වන ජයරත්න වික්‍රමසිංහට (ඡේවික්‍රමට) කුසලතා සම්මානයක්‌ හිමිව තිබේ.

උඩුවේ ධම්මාලෝක හිමි සන්තකයේ
සිටි අලි පැටවා සත්වෝද්‍යානයෙන් ලබාගත්තා දැයි පරීක්‍ෂණ

උඩුවේ ධම්මාලෝක ස්‌වාමීන් වහන්සේ නමින් හෝ පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමය නමින් හෝ කිසිදු අලියකු නීත්‍යානුකූලව ලියාපදිංචි කර නොමැති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (7 වැනිදා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

යාල වනෝද්‍යාන
මූලස්‌ථාන ප්‍රවේශය
ජාත්‍යන්තර තත්ත්වයට
ගෙන එනවා

වනජීවී අධ්‍යක්‍ෂ
ජනරාල් එච්. ඩී. රත්නායක


  
 
  • වවුනියාව හිටපු ඩීඅයිජී සහ
    පොලිස්‌ පරීක්‍ෂක යළි රිමාන්ඩ්


    වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ නිධන් හැරීමේ සිද්ධියට සම්බන්ධ නයෝජ්‍ය පොලිස්‌පතිවරයා සහ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා අධිකරණයට ඉදිරිපත්කොට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ඉල්ලා සිටියද, පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්‌ඩාර මහතා රජයේ වෙනත් නඩුවකට සහභාගිවීම හේතුවෙන් (04 දා) නඩු වාරය වෙනුවෙන් පෙනී නොසිට නඩු විභාගය වෙනුවෙන් වෙනත් දිනයක්‌ ඉල්ලා සිටීම හේතුවෙන් ඇප ලබාදීම ප්‍රතික්‌ෂේප කරනු ලැබීය.
     
  • සුදුපාට ජීප් රථයෙත් රතුපාට ජීප් රථයෙත්
    වෙඩි උණ්‌ඩ සලකුණු හා ලේ පැල්ලම් තිබුණා

    පොලිස්‌ පරීක්‌ෂක සංජීව තරංග
    කාරියවසම් සාක්‌ෂිදෙමින් කියයි


    අධිකරණය හමුවේදී එකඟවන ආකාරයෙන් මින් මතුවට කටයුතු කිරීමට වගබලාගත යුතු යෑයි භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු පුද්ගල ඝාතන නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නඩුවේ 11 වැනි විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට ඊයේ (7 දා) පස්‌වරුවේ තරයේ අවවාද කළේය.

 
  • ස්‌වයංක්‍රීය ආප්ප මැෂිම හඳුන්වා දීමේ
    වැඩමුළුව 10 දා


    යන්ත්‍රය මගින් තනි පුද්ගලයකුට පැයක කාලයක්‌ තුළ ආප්ප තුන්සිය පනහක්‌ (350) පමණ නිෂ්පාදනය කළ හැකිය. මෙම යන්ත්‍රය පිළිබඳව ස්‌වංරැකියාලාභීන්, ආයතන, හෝටල්, සහ ආපනශාලා හිමියන් දැනුවත් කිරීමේ ප්‍රායෝගික වැඩමුළුවක්‌ ....

 


 
  • අපිට සල්ලි ප්‍රශ්නයක්‌ නැහැ
    මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්

    අපට සල්ලි ප්‍රශ්නයක්‌ නෑ. දැන් ලෝක බැංකුව හා වෙනත් රටවල් අපට ආධාර කරන්න පටන් ගෙන තිබෙනවා. ජපානය, ඉන්දියාව, ජර්මනිය හා එක්‌සත් ජනපදයත් අපිට ආධාර කරනවා. පසුගිය කාලයේ USAID කාර්යාලයත් වහන්න සූදානම් වුණා. නමුත් දැන් එය නැවත විවෘත කරලා. ඔවුන් දෙන ආධාර ප්‍රමාණය වැඩි කරලා තිබෙනවා. ඒ වගේම මිලදී ගැනීම්ද සාර්ථක වී තිබෙනවා. පසුගිය කාලේ අපි බිලියන 1.5 ක්‌ ලබා ගත්තා. 6.5% පොළී පදනම මත ඇතැම් රටවල් 7% පොලියටයි ණය ගෙන තිබෙන්නේ. ඒ අනුවත් අපිට විදෙශ් රටවල සහයක්‌ තිබෙනවා.
     
  • ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යානවල
    ඉතිහාසය සහ අනාගතය


    කොහොම වුණත් උද්භිද උද්‍යානයක්‌ කිව්වම බොහොම දෙනෙකුට සිතට නැගෙන්නේ මල් වත්තක්‌ කියන අදහසක්‌. ලස්‌සනට වවා තියෙන මල් පාත්ති, අලංකාර ලෙස නඩත්තු කර ඇති තණ පිටි, ජල පොකුණු, උඩවැඩියා හා වෙනත් විචිත්‍රා පැළෑටි ආදිය වවා තියෙන පැළ ගෘහ ආදිය මෙන්ම තැන තැන හුදෙකලාව සිටින පෙම්වතුන්, සහ විනෝද සුවයෙන් පරිසර සුන්දරත්වය විඳින විවිධ වයස්‌ කාණ්‌ඩවල ජනතාවත් මල් වතුවල සාමාන්‍යයෙන් දකින දේවල්. ඒත් ඇත්තටම උද්භිද උද්‍යානයක්‌ කියන්නේ මොකද්ද කියන එක හරියට වටහා ගෙන ඉන්නේ ඉතාම ටික දෙනෙක්‌ පමණයි.

  

  

  • මේ අත්තනෝමතික තහනම
    දින 14ක්‌ තුළ ඉවත් කරගන්න

    -පාපැදි සම්මේලනයට එන්තරවාසියක්‌


    ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් තමන්ව තහනමට ලක්‌කරනු ලැබීම අත්තනෝමතික තීන්දුවක්‌ ලෙසින් සඳහන් කරමින් දින 14 ක්‌ තුළ එය ඉවත් කර ගැනීමට කටයුතු නොකරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ගයන්ට යොමුවන බව සඳහන් කරමින් අශෝක්‌ කුමාර් පෙරේරා, ලෙස්‌ලි රූපසිංහ සහ සුදේශ්ද සිල්වා යන අය විසින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය වෙත එන්තරවාසියක්‌ යොමු කර තිබේ.
     
  • කුසල් පෙරේරාට තහනම් උත්තේජක
    චෝදනා නවසීලන්ත සංචාරය හැරදා
    වහාම ශ්‍රී ලංකාවට


    තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට සාධක ලැබීම මත, නවසීලන්ත සංචාරයේ යෙදී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නැගී එන පිතිකරුවකු වූ කුසල් ජනිත් පෙරේරා තාවකාලික තහනමකට ලක්‌කර වහාම මෙරටට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තීරණය කර තිබේ.
     
  • යොවුන් ලෝක කුසලානයේ කාලසටහන එළිදකී
    පාකිස්‌තානය-ඇෆ්ගනිස්‌තානය-කැනඩාව
    ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්වෙයි


    ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත වයස අවු. 19 න් පහළ ලෝක කුසදලාන ක්‍රිකට්‌ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම 'බී' කාණ්‌ඩය යටතේ තරග වදිනු ලබන අතර පාකිස්‌තානය, ඇෆ්ගනිස්‌තානය සහ කැනඩාව පළමු වටයේ ප්‍රතිවාදී රටවල් බවට පත්ව තිබේ.

  

Kapruka Shopping |  News





 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.