ඵලදායිතා සම්මාන ප්‍රදානයේදී
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට 2 වැනි ස්ථානය


චමින්ද සිල්වා - ජයසූරිය උඩුකුඹුර

වසරක්‌ පාසා පවත්වන ඵලදායිතා සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු සඳහා සම්මාන ප්‍රදානයේදී දෙවන ස්‌aථානය දිනා ගැනීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමත් වී ඇත.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මෙහෙයවූ මෙම සම්මාන ප්‍රදානෝත්සවය පෙරේදා (15 වැනිදා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේදී පැවැත්විණි. මේ සම්බන්ධව අදහස්‌ දැක්‌වූ විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ සුනිල් හෙට්‌ටිආරච්චි මහතා මෙසේ සඳහන් කළේය.

''අපි සතුටු වෙනවා ප්‍රථම වතාවට මේ තරගයට ඉදිරිපත් වෙලා දෙවැනි ස්‌ථානය ලබා ගැනීම සම්බන්ධයෙන්. අපේ දෙපාර්තමේන්තුවේ සියලු කාර්ය මණ්‌ඩලයේ කැපවීම නිසා මේ සම්මානය දිනා ගන්න පුළුවන් වුණා. අපි මේ තරඟයට අන්තිම මොහොතේ අයදුම්කරලා මේ සම්මානයක්‌ ලබා ගැනීම අපිට සතුටක්‌.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.