විශ්‍රාම වැටුප් ගෙවීමට මුදල් සොයා ගැනීම රජයට ගැටලුවක්‌
- පරිපාලන නිලධාරී සංගමයේ ලේකම්

ජයසූරිය උඩුකුඹුර

ඉදිරි කාලයේදී විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවීම සඳහා මුදල් සපයා ගැනීමේ අර්බුදයකට රජය මුහුණපා සිටින බව රජයේ පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා දිවයිනට පැවසීය.

මෙම අර්බුදය සම්බන්ධව සිය සංගමයේ දැඩි අවධානය යොමුව තිබෙන බවද හෙතෙම කීය.

2025 - 2030 වන විට දැනට රජයේ සේවයේ යෙදී සිටින බොහෝ දෙනෙක්‌ විශ්‍රාම යැමට නියමිතය. ඒ අනුව දැනට විශ්‍රාම වැටුප් සඳහා වැය වන මුදලට වඩා රුපියල් බිලියන 20-30 ක අවශ්‍යතාවක්‌ ඇති වෙනවා. දැනටත් වාර්ෂිකව බිලියන 194 ක්‌ විශ්‍රාම වැටුප් ගෙවන්න අවශ්‍යයි.

මේ මුදල් සොයා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව අපි සංගමයක්‌ ලෙස මේ දිනවල සාකච්ඡා කරමින් කරුණු එක්‌රැස්‌ කර ජනවාරි මාසේ මුලදී අගමැතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සූදානම් වෙනවා." යෑයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.