අපේ වෙදැදුරු
අස්‌ථි ආබාධ සහ කොඳු ඇටපෙළේ රෝග සුවකරන

මදනායක වෙදැදුරු

කැඩුම් බිඳුම් වෙදකමේදී අස්‌ථි රෝගය කුමක්‌ වුවත්, එනම් කැඩීම්, බිඳීම්, පිපිරීම්, තැලීම් සහ අස්‌ථි දිරායැම් යන රෝගාබාධ දේශීය ප්‍රතිකාර තුළින් සුවකිරීම දක්‌ෂ වෛද්‍යවරයකුට එතරම් අපහසුවක්‌ නැත. මෙහිදී රෝගියාගේ වයස, රෝගයේ ස්‌වභාවය හා ඖෂධ සංයෝගය වෙදදුරු විසින් වටහාගෙන කරන ප්‍රතිකාරය අති සාර්ථකත්වයක්‌ ගන්නා බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක්‌ නොවේ.

අස්‌ථි රෝග පිළිබඳව විමසුම් ඇස යොමු කරද්දී අපට වැඩිපුරම දක්‌නට ලැබෙන්නේ කොන්දේ ආබාධවලට ලක්‌වූ රෝගීන් හා හන්දිපත් රෝගාබාධයන්ට ලක්‌වූ රෝගීන්ය. මොවුන්ගෙන් වැඩි පිරිසක්‌ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා අන්තිමේදී සුවයක්‌ නොලැබුණු තැන ශල්‍ය කර්මයන්ට පවා නියම වූවෝ වෙති. එහෙත් මෙහිදී ඇතැම් අයෙක්‌ ප්‍රකාශ කළේ එම ශල්‍යකර්ම වැරැදී ගියහොත් සදාකාලික අබ්බගාතයකු වීමටද ඉඩ ඇති බවකි.

එසේ නම් මෙවැනි සැකමුසු ප්‍රතිකාරයකට යොමුවී තම සදාකාලික දුක්‌ ගොඩකට ඇද වැටී අපාදුක්‌ විඳීමේ අවදානමකට වඩා දේශීය ප්‍රතිකාරයකින් ලබන සුවය තෙතරම් වටින්නේද?

වැලිගම බොරාල පාරේ මදනායක වෙදදුරු පිළිබඳව අප කිහිප විටක්‌ම හඳුන්වා දුන්නෙමු.

මෙවැනි වෙදදුරුවරුන් පිළිබඳව නිරන්තරයෙන්ම විමසිලිමත් වෙද්දී මදනායක වෙදදුරුගේ විශේෂ ප්‍රතිකාරයන් පිළිබඳවද නැවත සිහිපත් කළ යුතු යෑයි සිතමින් ඔබ රෝගාබාධයන්ට පිහිට වන්නේ කෙසේදැයි වෛද්‍යතුමාගෙන් ඇසුවෙමී.

මේ සිංහල වෙදකම පිළිබඳව කතා කරන කොට ආසියාවේ තිබෙන පැරැණිම වෙදකමක්‌ කියලා කිව්වොත් ඒකෙ වරදක්‌ නැහැ. පරම්පරාවෙන් පරම්පරාවට අවිච්ජින්නව පැවැත එන මේ වෙදකමේදී ඒ ඒ පරම්පරාවලට ආවේණික වුණු ප්‍රතිකාර විධි තියෙනවා. දැන් මම කරන්නේ අපේ පරම්පරාවට උරුම වුණු වෙදකමක්‌.

මෙතෙනදී මම කැඩුණු අස්‌ථි යකඩ වගේ වෑල්ඩිං කරනවා කියන්නෙ නැහැ. ඒවගේම කොළ වර්ග, පොතු වර්ග බැඳීම්, මල් වර්ගවලින් හදන මැල්ලුම් වර්ග, තැවිලි වර්ග, පත්තු වර්ග ආදී වශයෙන් කෙරෙන ප්‍රතිකාර ක්‍රමයක්‌ භාවිත කරන්නෙත් නැහැ.

ගොඩාක්‌ රෝගවලට බලපාන්නෙ කෝඳු ඇට පෙළේ ආබාධ වගේම ඒ ආශ්‍රිතව ඇති නිල අවහිර වීම. මේවා අපි මුලින්ම හඳුනාගන්නෙ රෝගියා හොඳට පරීක්‍ෂා කරල. සමහර අයගෙ කියන තරම් රෝග දරුණු නැහැ. අපේ අත්දැකීම් තුළින් රෝගියා කියන දේත් කියන්න හදන දේත් හොඳටම තේරුම් අරගෙන තමයි ප්‍රතිකාර කරන්නෙ.

කොහොම වෙතත් රෝගියා සමග දිගින් දිගටම පිළිසඳරක යෙදෙද්දී නිකම්ම රෝග තත්ත්වය සහ රෝග නිධානය තේරුම් අරගෙන කරන ප්‍රතිකාරය වරදින්න විධියක්‌ නැහැ.

තවත් විශේෂ දෙයක්‌ කිව යුතුමයි. ඇතැම් රෝගින්ට තියන ආබාධ එමටයි. ඒ ආබාධ එක දවසකින් සුවකර ගෙන යන්න එන අයත් ඉන්නවා. එහෙම රෝග එක දවසකින් සුව කරන්න තරම් පුළුවන්කමක්‌ නැහැ. ඇතැම් විටෙක සතියක්‌ දෙකක්‌ එක තැනක ඉඳල ප්‍රතිකාර ගත්තොත් අපි පැහැදිලිවම ඒ රෝගියා සුවපත් කරල යවනවාමයි.

මේ තත්ත්වය අපි කියන්නේ කිසියම් වගකීමකින්. යමෙකුගේ ආබාධයකට පැයක දෙකක ප්‍රතිකාරයකින් සුවයක්‌ ලබා දෙන්න බැහැ. අපි මේ කරන වෙදකමේදී ශරීරයට දැනෙන විදියට එහෙමත් නැත්නම් රෝගියාට දැනෙන විදියටයි ප්‍රතිකාර කරන්නේ.

බටහිර වෛද්‍ය විද්‍යාවේදී කියන ඇට දිරායැම, එහෙමත් නැත්නම් බද්ධ කිරීම අප ගණන් ගන්නෙ නැහැ. එහෙම කියන ආබාධවලට ඉතා සාර්ථක වෙදකමක්‌ අපි ළඟ තියෙනවා. අපි ඒ වගේ ප්‍රතිකාර කරල සුවවුණු රෝගීන්ගේ නාමලේඛන පවා අපට ඕන තරම් ඉදිරිපත් කරන්න පුළුවන්.

මේ ප්‍රතිකාර ක්‍රමය යමෙකුට පැහැදිලි කරන්න අමාරුයි. ඒ තරමට ගැඹුරුයි. ඒත් අපට ඉගෙනීමෙන් හා පළපුරුද්දෙන් හොඳ අවබෝධයක්‌ තියෙනවා.

මදනායක වෙදදුරු ඉතාමත් සූක්‍ෂමව රෝගියා පරීක්‍ෂා කර ලබාගන්නා රෝග විනිශ්චය සාර්ථක ප්‍රතිකාරයකට මහත් පිටිවහලක්‌ වන්නේමය.

මේ තත්ත්වය යටතේ රෝගීන් දහස්‌ ගණනකට ප්‍රතිකාර කිරීමෙන් ලත් පළපුරුද්ද රොගීන්ගේ දුක්‌බර ජීවිතවලට දෙන වටිනාකම කොතෙක්‌ද යන්න අපට සිතාගත නොහැකිය.

ඇතැම් සිංහල ප්‍රතිකාරයන්ට කසාය හැලි ගණන් පානය කිරීමට අවශ්‍ය වුවත් මදනායක වෙදදුරුගේ ප්‍රතිකාරයන්හිදී එසේ කිරීමට අවශ්‍ය නොවේ. එනිසාම බොහෝ පිරිස්‌ මේ සඳහා යොමුවන අතර ඉන් ලබන සුවයද විස්‌තර කළ නොහැක.

අපි රෝගය හඳුනාගෙන කොඳුඇට පෙළේ වෙනස්‌වීම්, එසේත් නැතිනම් ගැස්‌සීම්. ස්‌නායු ක්‍රියා නොකිරීම්, නහරවල ලේ කැටිති ඇතිවීම් වගේ කරුණු නිරීක්‍ෂණය කරල ඒවා නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කරවල ශරීර අභ්‍යන්තරයට වගේම පිටතටත් ප්‍රතිකාර ක්‍රම යොදවනවා. එසේ නොමැතිව මොන ආකාරයෙන් ප්‍රතිකාර කළත් රෝගය සුව වනවා කියන්න අපහසුයි.

අස්‌ථිවල, සන්ධිවල වගේම උකුල් අස්‌ථිවල කාටිලේජ වර්ධනය නොවීමෙන් ශබ්ද ඇතිවීම්, වේදනාව, ඇවිදීමේ අපහසුව නිතරම දකින්න පුළුවනි. මේ වගේ අවස්‌ථාවලදී අපි කාටිලේජ වර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිකාර කරල මෙම රෝග සුව කරවලා දෙනවා. අපි පැහැදිලිව යමක්‌ කියනවා නම් කැඩුණ අස්‌ථියට වුණත් එය සවිවීමට කාටිලේජවල වර්ධනයක්‌ අවශ්‍යයි. මේ වගේ අවස්‌ථාවක රෝගියාගේ වයස සැලකිල්ලට ගත යුතුයි.

මම මෙතනදී විශේෂයෙන් කියන්නෙ ඔය කොඳු ඇටපෙළේ තියන රෝග අපි ඉතාමත් කෙටි කාලයකින් සුව කරවල පෙන්නනවා. විශේෂයෙන් කොඳුඇට පෙළේ රෝග මුල් කාලයේ දී සුවකර නොගත්තොත් කල්ගත වෙනකොට පාද දක්‌වා දිව යනවා.

අපි ළඟට එන රෝගීන්ගෙන් වැඩිපුරම එන්නේ කොන්දේ ආබාධවලට ප්‍රතිකාර ගන්නයි. ඒ අයට විශේෂ පහසුකම් සපයා නේවාසිකව ප්‍රතිකාර කරනවා. ඇතැම් වේලාවට බටහිර වෛද්‍ය විද්‍යාවේ ලක්‌ෂ ගණන් යන ශල්‍යකර්මවලට දින දෙක තුනක ප්‍රතිකාරයකින් අපි සුවකරල දෙනවා.

මෙවැනි රෝගවලදී සම්බාහනය කිරීමක්‌ හා නිල තෙරපුමක්‌ අවශ්‍යයි. ඒ කරන්නේ අති පැරැණි ඖෂධ ඇඟපුරා ගැල්වීමෙන් පස්‌සෙ. මේ ප්‍රතිකාරය කොන්දේ ආබාධවලට අමතරව අනෙකුත් රෝගයන් සමනයටත් ඉවහල් වෙනවා.

මිනිස්‌ ශරීරයේ කොඳු ඇට පෙළේ අස්‌ථි රාශියක්‌ තිබේනවා. එය ගණනින් 33 කි. මෙය අස්‌ථි ඉහළ කෙලවර හිස්‌ කබලට සම්බන්ධ වෙනවා. පහළ කෙළවර උකුල් ඇට සන්ධියේ පිහිටා තිබෙවනවා. මෙයින් 24 ක්‌ චංචල කළ හැකිව පිහිටා ඇත. එම කොටස කශේරුකා නමින් හඳුන්වනු ලබනවා.

මෙයින් ප්‍රථම 7 ග්‍රිවයෙහි පිහිටා ඇත. එය ග්‍රිවා කශේරුකා නම් වේ. (Cervicle vertebra) ඊළඟ 12 පෘෂ්ඨයෙහි පිහිටා ඇත. එය පෘෂ්ඨ කශේරුකාය (Dorsal Vrtebra) ඊළඟ 5 කටියෙහි පිහිටා ඇත. එය කටී කශේරුකාය. (Lumber Vertebra) අන්තිම කශේරුකාවට සම්බන්ධ වූ ඒකාබද්ධ වූ අස්‌ථි ත්‍රිකාස්‌ථි (Rump bone) නම් වේ. මේ ත්‍රිකාෂ්ඨිය හා සම්බන්ධ වූ ඒකාබද්ධ වූ අස්‌ථි චතුෂ්තය. අනු ත්‍රිකාස්‌ථි (Coccyx) කොඳු ඇට පියලි දෙකක්‌ අතරේ කරුණාස්‌ථි පිහිටා ඇත. මේවා නිසා කොඳු ඇට පෙළ නැමීමට හැකි වී තිබේ. වයස්‌ ගත වන විට මේ කරුණස්‌ථි තද භාවයට පැමිණේ. එහෙයින් ශරීරය වඩා නැමීමට නොහැකි වෙනවා. ශරීරයේ පහත් කොටසේ පිහිටා ඇති කශේරුකා බර ඉසිලීමට හැකි වන ලෙස නිර්මිත වී තිබෙනවා.

ඉහත සඳහන් කළ කොඳු ඇට පෙළ සම්බන්ධව පවත්නා රෝග මොනවාද? එම රෝග ඇතිවන්නේ කවර ආකාරයෙන් ද? ඒවා සුව කළ හැකි ද?

අද අප වෙත කොඳු ඇට ආශ්‍රිතව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන් වයස්‌ සීමාවකින් තොරව එනවා. ඒ අතර විදේශිකයන්, ළමයි, සෙල්ලම් කිරීමේ වයසේ පටන් වයස්‌ සීමාවකින් තොරව යම් යම් හේතුන් මත මෙම රෝග අවස්‌ථාවන් ඇති වෙනවා. ළමයකු දිවීමෙන් උසකින් පැනීමෙන් වැටීමකින් කොඳු ඇට පෙළ ආශ්‍රිතව රෝග සෑදේනවා. වැඩිහිටි අයකු නම් බර ඉසිලීමෙන් පහත් වී එක දිගට වැඩයෙහි යෙදීමෙන් 'කය වෙහෙසා වැඩ කිරීමෙන්' පහරක්‌ වැදීමෙන්, උඩකින් වැටීමෙන් සුෂුම්නාවට හානිවීම් ඇතිවේ. සමහර විට මේ ආශ්‍රිත රෝග සුළු වශයෙන් පැමිණ කල්ගත වන විට රෝගය උත්සන්න වී වාඩි වී සිටීමට නොහැකි තත්ත්වයක්‌ ඇතිවේ. තවත් සමහර අයට ත්‍රිකාෂ්ථිය පෙදෙස හෙවත් තුනටිය ප්‍රදේශය ඇද වේ. පැත්තට යැමේ තත්ත්වයක්‌ ඇති වේ.

මුල් අවස්‌ථාවේ නිවැරදි ප්‍රතිකාරයන් නොලද හොත් තුනටිය පැත්තට යැමේ තත්ත්වයන් ඇති වේ. ඞ කිරණ පරීක්‍ෂාවේදී තවත් අයගේ අස්‌ථි දෙකක පරතරය වැඩි බවක්‌ පෙනේ. තවත් සමහර අයගේ අස්‌ථි දිරා යැම දක්‌වා වර්ධනය වේ. මෙවැනි අවස්‌ථාවන් ඇති වූ විට බටහිර වෛද්‍ය ක්‍රමයට ශල්‍යකර්ම කිරීම සිදු කරයි. එහෙත් ඔවුන්ට බර ඉසිලීම පහත්වීම් කිරීමට හැකි වන්නේ නැත. අප වෙත පැමිණෙන සමහර රෝගීන් ශල්‍යකර්මයන්ට භාජනය වූ අය ද වෙත්. කල්යත්ම කකුල් දෙක දක්‌වා වේදනාව ඇති වේ. මේ කුමන අවස්‌ථාවක රෝග තත්ත්වයක්‌ තිබුණත් ආයුර්වේද ක්‍රමයට හා දේශීය වෛද්‍ය ක්‍රමයට ඉතා සුළු කලකින් සුව කිරීමට පුළුවන්. මෙම රෝග තත්ත්වයන්ට වැඩි වශයෙන් භාවිතය වන්නේ මුහුදු රැකියාවේ යෙදෙන ධීවරයන් වේ. එවැනි රෝගීන් අපගේ රෝහලට පැමිණ සති 2 ක්‌ පමණ නේවාසික ප්‍රතිකාර ලබා සුවය ලබා ගනී.

කොඳු ඇට ආශ්‍රිත රෝග ගැන කතා කරන විට මෙහි වැදගත් අවස්‌ථාව වන්නේ කොඳු ඇටවලින් ආවරණය වූ සුෂුම්නාවයි. හිසෙහි පසු පසින් පාෂ්ඨවංශයාගේ "චූඩා" නම් අස්‌ථි හා සම්බන්ධ වන්නා වූ නයි පෙනයක හැඩ හුරුකම ඇති පශ්චාත් කපාලයයි (ධජජසචසඒක ඊදබැ) සුෂුම්නා කණ්‌ඩ නම් මහාධිගුච්ඡය පෘෂ්ඨවංශය කරා විහිදෙන්නා වූ විවරය මෙහි ඇත්තේය. ගසකින් වැටීමෙන් හෝ උඩකින් වැටීමෙන් සුෂුම්නාවට හානිවීම් ඇති වේ. එහි ප්‍රතිඵලයන් ලෙස කකුල් දෙක අප්‍රාණිකවීම මළ මුත්‍රා නොදැනී පිටවීම ඇති වේ.

වසර ගණනාවක්‌ නොකඩවා රෝගීන්ගේ ආබාධවලට ප්‍රතිකාර කිරීමෙන් ලැබූ අත්දැකීම් එකින් එක විස්‌තර කරමින් මදනායක වෙදැදුරු අවසන් වශයෙන් ප්‍රකාශ කළේ මොනම අස්‌ථි ආබාධයන්ට ලක්‌වූ රෝගියකු වුවත් තමා ළඟට පැමිණියහොත් ඒ අය වගකීමෙන් භාරගෙන නිරෝගී සුවයක්‌ ලබාදෙන බවයි. අස්‌ථි ආබාධ හා කොන්දේ අමාරුවකින් ඔබත් පෙළෙන්නේ නම් දු.ක. 041-2251321/ 0775565458 උපදෙස්‌ ලබා ගන්න. අංකයට කතාකර වැඩිදුරටත් උපදෙස්‌ ලබා ගන්න.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.