ද. ආසියානු හොකී තරගාවලියේ
අභියාචනා ධූරයේ මුල් පුටුව සුමිත් එදිරිසිංහට


ගයාශාන් විතානආරච්චි

එළැබෙන පෙබරවාරි මස 05 දා සිට 16 වන දා දක්‌වා ඉන්දියාවේ ගුහාටි නගරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ හොකී ක්‍රීඩාවට අදාළ අභියාචනා ධූරයේ සභාපති වශයෙන් නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ මහතා පත්කර ඇත.

ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලකදී හොකී ක්‍රීඩාව වෙනුවෙන් මෙවැනි තනතුරක්‌ ලද එකම ශ්‍රී ලාංකිකයා සුමිත් එදිරිසිංහ මහතා වේ. එහිදී ඉන්දියාව, පාකිස්‌තානය, භූතානය, නේපාලය, බංගලිදේශය හා ශ්‍රී ලංකාව යන රටවල් නිsයෝජනය කරමින් කණ්‌aඩායම් හයක්‌ හොකී තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතය.

ආසියානු හොකී සංගමයේ අධ්‍යක්‌ෂක මණ්‌ඩලයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කරන ඒ මහතා නාලන්දා විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකු වන අතර රාජ්‍ය සේවා හොකී සංගමයේ සභාපති වශයෙන් මෙන්ම ශ්‍රී ලංකා හොකී සංගමයේ සභාපති වශයෙන්ද වසර ගණනාවක්‌ කටයුතු කර ඇත.

මීට අමතරව වසර 2014 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැවැති 65 වන ආසියානු හොකී සමුළුව පැවැත්වීමේ සියලු සංවිධාන කටයුතු සංවිධානය කිරීමේදීද ඒ මහතා මූලිකත්වය ගෙන කටයුතු කිරීම විශේෂත්වයක්‌ විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.