සහල් ආනයන බද්ධ රු. 15කින් ඉහළට

ශ්‍යාම් නුවන් ගනේවත්ත

සියලුම සහල් සඳහා වන ආනයනික බද්ද ඊයේ (31 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 15 කින් වැඩිකර ඇතැයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා පවසයි.

මේ අනුව සහල් කිලෝවක්‌ සඳහා මෙතෙක්‌ පැවැති රුපියල් 35 ක ආනයන බද්ද රුපියල් 50 දක්‌වා වැඩි කළ බව මුදල් ඇමැතිවරයා කියයි.

ඇතැම් සහල් වර්ගවල අතිරික්‌තයක්‌ දේශීය වෙළෙඳපොළේ පැවැතීම නිසා ගොවි ජනතාවගේ යහපත සලකා බලා මෙම තීරණය ගත් බව ද මුදල් ඇමැතිවරයා සඳහන් කළේ ඊයේ (31 දා) බුත්තල ශ්‍රී ලංකාවේ විශාලතම ධාන්‍ය ගබඩාව විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.