දේශීය ලේඛන කලාවේ ප්‍රභවය පිළිබඳ නිවැරදි මතය

නදීර කොඩිකාර


"ඖෂධි ශ්‍යාමලී සමරසිංහ" විසින් 2015/12/23 දින දිවයින බදාදා අතිරේකයේ පළ කළ දේශීය ලේඛන කලාවේ ප්‍රභවය නම් ලිපියට ප්‍රතිචාරයක්‌ ලෙසින් මෙය ඉදිරිපත් කරමි.එම ලිපියේ මැද කොටසින් ග්‍රන්ථකරණය සඳහා පැරැන්නන් විසින් භාවිතා කළ පුස්‌කොල පොත් පිළිබඳ දැනුම කෙටියෙන් හෝ පාඨකයා වෙත ඉදිරිපත් කිරීම අගය කොට සලකමි. නමුත් ලිපියේ පළමු ෙ-දයන් කීපය තුළින් ඉදිරිපත් කළ ලේඛන කලාවේ ආරම්භය පිළිබඳ දැක්‌වූ සාධක හා බැඳුණු විස්‌තර යල් පැනගිය දැනුම මත පදනම් වූවක්‌ බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් වර්තමානයේ භාවිත කරන සියලුම ඉතිහාස ග්‍රන්ථ සඳහා පදනම් වී ඇත්තේ යටත්විජිත යුගයේදී රචනා කරන ලද කෘතීන්ය. එම කෘති හරහා පාලි බසින් හා හෙළ බසින් ලියන ලද පැරණි ග්‍රන්ථ සඳහා විවිධ සාවද්‍ය අර්ථකථනයන් ලබා දී තිබිණි.නමුත් වර්තමානය වන විට, සෙල්ලිපි අක්‌ෂර, පාලි බස වැනි මූලික ඉතිහාස සාධක ගැන දැනුම ව්‍යාප්ත වීම හා නව පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් නිසා එම ග්‍රන්ථවල සඳහන් කරුණු වල ව්‍යාජ බව ක්‍රමයෙන් සාක්‌ෂාත් වෙමින් පවතී. එබැවින් අප යටත් විජිත මානසිකත්වයෙන් මිදී දැන්වත් ලාංකීය ඉතිහාසය අප විසින්ම සොයා යැමට උත්සාහ ගත යුතුය.

ලිපියේ පළමු ෙ-දයෙන් ලියුම්කාරිය විසින්, මා හට අනුවද ඉතා නිවැරදි ලෙසම මහින්දාගමනයට පෙර සිටම මෙරට අක්‌ෂර මාලාවක්‌ පැවතුන බවට සාධක කිහිපයක්‌ සපයයි.නමුත් දෙවැනි ෙ-දයේදී නැවත ඇය විසින් සඳහන් කරන්නේ මෙරට අක්‌ෂර මාලාව ඉන්දීය බ්‍රාහ්මී අක්‌ෂර හරහා සකස්‌ කර ගන්නට ඇති බවය. ඒ අනුව පෙනී යන්නේ මෙරට අක්‌ෂර කලාවේ ආරම්භය පිළිබඳව නිවැරදි නිගමනයක්‌ ලියුම්කාරිය තුළ නොමැති බවය. ඇත්තෙන්ම ලියුම්කාරිනිය තුළ පමණක්‌ නොව විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළද තවමත් මේ පිළිබඳව නිවැරදි මතයක්‌ ගොඩනැගීමට උත්සාහ ගන්නේවත් නැත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළත්, පාසල් අධ්‍යාපනය තුලත් තවමත් ඉතිහාස විෂය ඉගැන්වීමට පදනම් කර ගන්නේ යටත් විජිත යුගයේදී බටහිරයන් හා ඔවුන්ගේ අඩිපාරේ ගිය අනිකුත් අය විසින් ලියන ලද ඉතිහාස ග්‍රන්ථයන්ය. විශේෂයෙන්ම ඉන්දියාවේ අශෝක අක්‌ෂර යෑයි හඳුන්වන බ්‍රාහ්මී අක්‌ෂරවලින් යුත් ගී, ලිපි,ටැම් ලිපි, ගුහා ලිපි ආදිය අධ්‍යයනය කර ඒවායේ අර්ථයන් ප්‍රකාශයට පත් කර ඇත්තේ ඉංගී්‍රසි ජාතික James Princep (1799-1840) විසිනි. එමෙන්ම මහාවංශය හා දීප වංශය පරිවර්තනය කර ඇත්තේ ඉංග්‍රීසිs ජාතික Jeogeturnour(1832)  විසිනි. මහාවංශයේ ඉංග්‍රීසි පරිවර්තනයේ ඇති "අශෝක රජු" ඉන්දියාවේ බ්‍රාහ්මී ලිපි වල හමුවන "දෙවියන්ට ප්‍රිය වූ පියදස්‌සී" නම් රජකුට සමාන කර ඉන්දියා ඉතිහාසයත් ලංකා ඉතිහාසයත් සම්බන්ධ කර තම හිතුමතේට නව ඉතිහාස කතාවක්‌ ලියා ලොව පුරා ප්‍රසිද්ධ කරන ලද්දේ මෙම බටහිර ජාතිකයන්ය. එම ඉතිහාසයේ ඔවුන් සඳහන් කළ බොහෝ කරුණු අද වන විට ප්‍රතික්‌ෂේප වෙමින් පවතින නමුත් ලංකාවේ බොහෝ උගතුන් තවමත් එම යල්පැන ගිය ඉතිහාස දැනුම මතම පදනම් වී සිටීම ඉතා කනගාටුදායකය.

මහින්දාගමනයට පෙර සිටම මෙරට අක්‌ෂර මාලාවක්‌ පැවති බව සඳහන් කරන ලියුම්කාරිය විසින් ඒ සඳහා ප්‍රධානතම සාධකය ලෙස දක්‌වන්නේ දැරනියගල මහතාගේ සල්ගහවත්ත කැණීම් වාර්තාවේ සඳහන් "තයාතුටේ" හා "අභය" යන වචන බ්‍රාහ්මී අක්‌ෂරවලින් ලේඛන ගතවී තිබීමයි. නමුත් මහින්දාගමනයට පෙර සිටම මෙරට අක්‌ෂර මාලාවක්‌ පැවති බවට ඇති ප්‍රධානතම පුරාවිද්‍යාත්මක සාධකය වන්නේ මෙරට ඇති පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපියන්ය.

බ්‍රාහ්මී අක්‌ෂර වලට පෙර මෙරට භාවිත කළ බ්‍රාහ්මී අක්‌ෂර වලින් රචිත ලෙන් ලිපි දහසකට ආසන්න සංඛ්‍යාවක්‌ ලංකාව පුරා විසිරී පවතී. මෙහිදී ලියුම්කාරිය මෙම ලෙන් ලිපි ගැන සඳහන් නොකිරීම පුදුමයට කරුණකි. මෙරට අක්‌ෂර කලාවේ ආරම්භය ගැන සාකච්ඡා කරන විට මෙරට ඇති පූර්ව බ්‍රාහ්මී ලෙන්ලිපි ගැන අත්‍යාවශ්‍යයෙන්ම සඳහන් කළ යුතුය. එසේ නොමැතිව කරුණු ඉදිරිපත් කිරීමෙන් සිදුවන්නේ අප රටේ අභිමානවත් කාලපරිච්ඡේදයක ලිත ඉතිහාසය වළලා දැමීමකි.

ලංකාවේ පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපි අතිවිශාල සංඛ්‍යාවක්‌ පිටපත් කර දැනට රචනා කර ඇති සවිස්‌තරාත්මක ග්‍රන්ථය වන සෙනරත් පරණවිතාන මහතාගේ “Inscriptions of Ceylon” ග්‍රන්ථයේ පළමු වෙලුමේ එම සෙල්ලිපි, පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි (Prebrahmi inscriptions) ලෙස ඉතා පැහැදිලිව සඳහන් කර ඇත.(එම ග්‍රන්ථයේ සමහර ලෙන් ලිපි සඳහා ලබාදී ඇති අර්ථකථනයන් පිළිබද විවේචන තිබේ). එමඟින් ඉතා පැහැදිලිව පෙනී යන්නේ ඉන්දියාවේ අශෝක අක්‌ෂර (අශෝක අක්‌ෂර ලෙස හඳුන්වන බ්‍රාහ්මී අක්‌ෂර වලින් යුත් ටැම් ලිපි, ගී ලිපි ආදිය අශෝක නම් රජකු විසින් කරවන ලද ඒවා යෑයි යටත් විජිත යුගයේදී මතයක්‌ ගෙන ආවත් එය නැවත විමසිය යුතු කරුණකි.) ලෙස හඳුන්වන බ්‍රාහ්මී අක්‌ෂර වලට වඩා පැරණි දියුණු අකුරු කලාවක්‌ ලංකාවේ පැවති බවයි.

ලංකාවේ එම මෙම ලෙන් ලිපි වල අකුරු වල ස්‌වාභාවයත්, එහි සඳහන් අර්ථයත්, එම ලිපි ලියා ඇති ගල්ලෙන් බිත්ති වල ස්‌වභාවයත් පරීක්‌ෂා කළ විට මෙම ලිපි කියවීමට දන්නා ඕනෑම අයකුට, මෙරට අක්‌ෂරá ඉන්දියාවේ අශෝක අක්‌ෂර ලෙස හඳුන්වන (දෙවියන්ට ප්‍රිය වූ පියදස්‌සී නම් රජකු විසින් කරවන ලද ස්‌ථම්භ වල සඳහන්) අක්‌ෂරවලට වඩා පැරණි බව අවබෝධ වනු ඇත. විශේෂයෙන් මෙරට ලෙන් ලිපිවල සඳහන් කර ඇති රජවරු, භික්‌ෂුන් වහන්සේ හා වෙනත් පුද්ගලනාමá ත්‍රිපිටකයේ හා එම යුගයට අයත් වෙනත් ග්‍රන්ථවල සඳහන් පුදුගල නාම සමග සැස» විට ඉතා පැහැදිලිව පෙනෙන්නේ මෙම ලෙන්ලිපි බුද්ධ කාලීනව හෙළදිව නිර්මාණය කරන ලද ලෙන් ලිපි බවයි. එනම් අශෝක අක්‌ෂර ලෙස බටහිරයන් විසින් හදුන්වන ලද අක්‌ෂර වලට වඩා වසර 250 කට වඩා පැරණි කාල පරිච්ෙ-දයකදී ලංකාව පුරාම පූර්ව බ්‍රාහ්මී අක්‌ෂර භාවිත වී ඇත.ඇත්තෙන්ම එම අක්‌ෂර පූර්ව බ්‍රාහ්මී අක්‌ෂර ලෙස නොව පූර්ව සිංහල හෝ පූර්ව හෙල අක්‌ෂර ලෙස හැඳින්වීම වඩාත් සාධාරණ බව මාගේ හැඟීමයි.

ලංකාවේ ඇති එම ලෙන් ලිපි සඳහා උදාහරණ කීපයක්‌ පහත පරිදි දැක්‌විය හැකිය.

01. "පචින රජ පුත තිශයහ ලෙනෙ අගත අනගත චතුදිශ ශගශ දිනෙ" - පාචීන දේශයේ රජුගේ පුතු වූ තිස්‌සගේ ලෙන සතර දෙසින්ම වැඩියා වූ හා නොවැඩියා වූ සංඝයා වහන්සේට පූජා කරන ලදී .

02. ඉදශල ගුහ ශගශ " - ඉන්ද්‍රසාල ගුහව සංඝයා වහන්සේට ( සූත්‍ර පිටකයේ සක්‌කපඥ්ඥ සූත්‍රය අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සක්‌ දෙවුරජු හට වේදික පර්වතයේ ඉන්ද්‍රසාල ගුහාවේදී ධර්ම දේශනයක්‌ සිදු කර ඇති බව සඳහන් කර ඇත.)

එම ලෙන් ලිපි සියල්ලකගේම පාහේ සඳහන් වන්නේ භික්‌ෂුන් වහන්සේලා සඳහා සිදුකළ ලෙන් පූජාවන් පිළිබඳවයි. එමගින් එම ගල්ලෙන කවුරුන් විසින් පූජා කළේ ද කා සඳහා පූජා කළේද යන්න පැහැදිලිව දක්‌වා ඇත. වර්තමානය වනවිට එම ගල්ලෙන් රාශියක්‌ විනාශ වීමේ තර්ජනයට ලක්‌ වී ඇති නමුත් ඒවා පරීක්‌ෂා කළ විට පෙනී යන්නේ භික්‌ෂුවකට එහි වාසය කිරීම සඳහා සුදුසු ආකාරයෙන් ඒවා සකස්‌ කර පූජා කර ඇති බවයි.

එයින් පැහැදිලි වන්නේ ලියුම්කාරිය විසින් අවිනිශ්චිතව සඳහන් කරන ලද "අශෝක අවධියට පෙර සිටම මෙරට අක්‌ෂර මාලාවක්‌ තිබෙන්නට ඇති බව" යන කරුණ නිශ්චිතවම සාධක සහිතව කිව හැකි බවයි. එමෙන්ම එම අක්‌ෂරයන් කලුගලක්‌ මත සටහන් කර ඇති නිසා එදා සිට අද දක්‌වාම වසර 2500 කට වඩා වැඩි කාලයක්‌ පුරාවටම ඒවා සංරක්‌ෂණය වී ඇත.

එම යුගයේදීම ලියන ලද ග්‍රන්ථද තිබෙන්නට ඇති නමුත් කාලයත් සමග විවිධ හේතු මත ඒවා විනාශවී ඇති බව පෙනෙන්නට තිබේ. ත්‍රිපිටකය, වංශකතා, අර්ථ කතා වැනි ලොව එතෙක්‌ මෙතෙක්‌ රචනා කර ඇති විශිෂ්ටතම ග්‍රන්ථ මීට වසර 2500 කට ඉහත යුගයේදීම ලංකාවේදී රචනා වන්නේ ඉතා දියුණු ලේඛන කලාවක්‌ ලංකාවේ පැවති නිසාය. මෙරට එම යුගයේදී විශාල ලෙස ග්‍රන්ථ රචනා වන්නට ඇත. ඒ සඳහා සාධක කිහිපයක්‌ පහත පරිදි දැක්‌විය හැකිය.

ක්‍රි.ව.411 දී පමණ පාහියන් හිමියන් ලංකාවට පැමිණියේ තමන් සෙවූ විනය හා අභිධර්ම ග්‍රන්ථ ඉන්දියාවෙන් සොයා ගත නොහැකි වූ බැවිනි. එසේම යටත් විජිත යුගයේදී බටහිරයන් විසින් ලංකාවෙන් පැහැරගෙන ගිය පුස්‌කොල පොත් ලක්‌ෂ දෙකක්‌ පමණ අදටත් යුරෝපයේ විවිධ රටවල කෞතුකාගාරවල දක්‌නට ලැබේ. එමෙන්ම ත්‍රිපිටකය හෙළ බසට පරිවර්තනය කිරීමේදී බුද්ධඝෝෂ හිමියන් විසින් බලහත්කාරයෙන්, මෙරට එතෙක්‌ හෙල බසින් රචනා වී පැවැති ග්‍රන්ථ විශාල ප්‍රමාණයක්‌ විනාශ කළ බව මහාවංශ ටීකාවේ සඳහන් වේ. එහිදී පාශාන දීපවාසී උපතිස්‌ස හිමියන් ඇතුළු හිමිවරුන්ගේ විරෝධය නොතකා, මෙම ග්‍රන්ථකරණයට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය මත ඉන්දියාවට අවැසි ලෙස අපගේ ග්‍රන්ථ විනාශ කරන්නනට ඉඩ අවස්‌ථාව ලැබුණු බව සඳහන් කළ හැක. මේ ආකාරයට අවුරුදු 2500 කට ඉහතදී, ස්‌වාධීනව ගොඩනැඟුණු ඉතා දියුණු ලේඛන කලාවක්‌ ලංකාවේ භාවිතා වී ඇත.

මේ අනුව මෙරට ග්‍රන්ථකරණය ආරම්භ වූයේ මහින්දාගමනයත් සමග යනුවෙන් වංශකතා වල සඳහන් කරුණු ප්‍රතික්‌ෂේප වේ. මෙරට පුරාවිද්‍යාත්මක සාධක, වංශකතා හා ජනශෘතීය යන සියලුම සාධක විමසා බැලූ විට පෙනී යන්නේ මෙරට අක්‌ෂර කලාවේ ආරම්භය" "ගෞතම බුද්ධ කාලය" දක්‌වා දිව යන බවයි.

මීළඟට ලියුම්කාරියගේ ලිපියේ අවසාන ෙ-දයේ සඳහන් කරුණු ගැන විමසා බැලීමේදී අපූරු කරුණක්‌ දක්‌නට ලැබිණි. .එනම් පෘතුගීසීන්ට ලංකාව යටත් වීමත් සමගම 16 වැනි සියවසේදී මෙරටට කඩදාසි නම් ලේඛන ද්‍රව්‍ය හඳුන්වා දෙනු ලැබේ යනුවෙනි. මෙහිදී පෘතුගීසීන්ට ලංකාව යටත් වූ බව පවසයි. එය ඇය විසින් දැනුවත්ව සටහන් කරන ලද්දක්‌ ද නැතහොත් වැරදීමකින් සටහන් කරන ලද්දක්‌ ද කියා මා හට සිතා ගැනීමට නොහැකිය. ඒ කෙසේ වෙතත් නව පරපුරේ පාඨකයන් විසින් මෙවනි ලිපි පරිශීලනය කිරීම නිසා මෙරට ඉතිහාසය ගැන වැරදි අවබෝධයක්‌ ලබා ගැනීමට ඉඩකඩ ඇත. මා දන්නා ඉතිහාසය අනුව නම් ක්‍රි.ව 1505 දී මෙරට ආක්‍රමණය කළ පෘතුගීසීන්ටත් ක්‍රි.ව.1658 දී මෙරට ආක්‍රමණය කළ ලන්දේසීන්ටත් මෙරට යටත් කර ගත නොහැකි විය. ඔවුන්ට හැකි වූයේ මෙරට මුහුදුබඩ පෙදෙස්‌ කිහිපයක්‌ සහ එම පෙදෙස්‌වල ඇති වරායන් කිහිපයක්‌ අල්ලාගෙන ඒවායේ වෙළඳ ඒකාධිකාරයක්‌ පවත්වාගෙන යැමට පමණි. නමුත් 1815 දී ඉංග්‍රීසීන්ට මෙරට යටත් කර ගැනීමට හැකිවූයේ මෙරට සිටි අවස්‌ථාවදීන්ගේ මුදලට හා තනතුරුවලට ර ටපාවාදීමේ ක්‍රියා කලාපය හේතුවෙනි. එහදී යුරෝපීයන් විසින් මෙරට කුලුබඩු, ඇත් දළ, මුතු මැණික්‌ ආදිය පමණක්‌ නොව අලිඇතුන් වැනි දැවැන්ත සතුන්ද මෙරටින් රැගෙන ගිය බව ඉතිහාසයේ සඳහන් වේ.

ඒ අතරතුර ඔවුන් මෙරට සිංහල බෞද්ධ සංස්‌කෘතිය විනාශ කරමින් බටහිර සංස්‌කෘතිය මෙරට ව්‍යාප්ත කිරීමට නොපැකිළව කටයුතු කළ බව සඳහන් කළ යුතුය. ඒ සඳහා උදාහරණයක්‌ ලෙස ලියුම්කාරියගේ සටහනක්‌ම උපුටා දැක්‌වීම සුදුසු යෑයි මම සිතමි.එනම් "1737 " ලන්සි යාඥා පොත නමින් ක්‍රිස්‌තියානි යාඥා පොතක්‌ පළවන අතර මෙය මෙරටට මුද්‍රණය කරන ලද ප්‍රථම ග්‍රන්ථය වේ." යනුවෙනි. ඇත්තෙන්ම බටහිරයන් විසින් මෙරට මුද්‍රණ ශිල්පය හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණ වූයේද ඔවුන්ගේ ආගම් ප්‍රචාරණ කටයුතු වඩා පුළුල් ලෙස සිදුකිරීමට ඉඩප්‍රස්‌ථාව ලබා ගැනීමයි. ඇත්තෙන්ම ඔවුන් හඳුන්වා දුන් මුද්‍රණ තාක්‌ෂණයෙන් මුද්‍රණය වන ඉතිහාස ග්‍රන්ථ අතරින් වැඩියෙන්ම මුද්‍රණය කරමින් පවතින්නේද ඉන්දියානු හා බටහිර ගැති හෙළ ඉතිහාසයක්‌ සහිත ග්‍රන්aථයන් වීම ඉතා කනගාටුදායකය. සැබෑ ඉතිහාසය හා ඒ වටා බැඳුණු අභිමානය තවමත් අප ඉදිරියේම යටපත් වී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.