ජනතාව වෙනුවෙන් එකට බැඳෙමු
දේශපාලන කාර්යාලය විවෘත කරමින් මහින්ද කියයි

අනුර බාලසූරිය

දේශපාලනමය වශයෙන් මොන මතවාද තිබුණද ඒ සියල්ල අමතක කර මේ රටේ ජනතාව වෙනුවෙන් එකට එකතු වන යුගය දැන් උදාවී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (12 වැනිදා) කියා සිටියේය. මේ රටේ ජනතාව කොතැනද ඒ ජනතාව ඉන්න තැන තමා සිටින බව ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කරන්නේ යෑයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සිය දේශපාලන හා මහජන සම්බන්ධතා කාර්යාලය ඊයේ (12 දා) පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් විවෘත කිරීමේ අවස්‌ථාවට එක්‌වෙමින් මහින්ද රාජපක්‌ෂ මහතා මේ බව අනාවරණය කළේය.

බත්තරමුල්ල, ජයන්තිපුර, නෙළුම් මාවතේ පිහිටි එම කාර්යාලය විවෘත කිරීමේ අවස්‌ථාවට ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසක්‌ එක්‌වූහ.

මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ හිටපු ජනපතිවරයා විසින් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව අන්‍යාගමික පූජකතුමන්ලාද ආශිර්වාද කළහ.

මෙහිදී ඒකාබද්ධ විපක්‌ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, පාර්ලිsමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, හිටපු අගවිනිසුරු සරත් එන්ද සිල්වා යන මහත්වරු අදහස්‌ දැක්‌වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.