'තොරතුරු පනත' ගැන තොරතුරක්‌වත් නැහැ
- ටිල්වින් සිල්වා

සිරිමන්ත රත්නසේකර

මහා ශබ්දයක්‌ සහිතව කරළියට ගෙන ආ තොරතුරු දැන ගැනීමේ පනත ගැන මේ වන විට තොරතුරක්‌ හෝ නොමැති බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (12 වැනිදා) සඳහන් කළේය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආචාර ධර්ම පද්ධතියක්‌ ගෙන ඒම පිළිබඳවත් ශබ්දයක්‌ නැති බවත් හෙතෙම කියා සිටියේය.

තොරතුරු දැන ගැනීමේ පනත පසෙකලා ව්‍යවස්‌ථා සංශෝධන අල්ලා ගෙන ඇති බවත් මන්ත්‍රීවරුන්ගේ ආචාරධර්ම පද්ධතිය පසෙකලා භික්‍ෂූන් වහන්සේලාට ආචාර ධර්ම පද්ධතියක්‌ ගෙනවිත් ඇති බවත් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

මෙම යහපාලන ආණ්‌ඩුව කරන්න අවශ්‍ය දේ පසෙකලා වෙනත් ගමනක නිරත වෙමින් ඇති බවත් රටේ ප්‍රශ්න එන්න එන්නම ගොඩගැසෙන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.