අලුත් පක්‍ෂ සෑදීමට කටයුතු කිරීම;
ශ්‍රීලනිප සභාපතිලා 10 කට විනය පරීක්‌ෂණ

උපාලි ද සේරම්, අනුර බාලසූරිය

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය අතහැර අලුත් පක්‌ෂයක්‌ සෑදීමට කටයුතු කිරීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇති පළාත් පාලන ආයතන දහයක ශ්‍රීලනිප සභාපතිවරුන් දස දෙනකු සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට ඊයේ (12 වැනිදා) සවස රැස්‌වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව මාතලේ, උකුවෙල, දඹුල්ල, අත්තනගල්ල, ගම්පහ, සියඹලාණ්‌ඩුව යන ප්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරුන් මෙන්ම මොරටුව නගර සභාවේ වත්මන් නගරාධිපතිවරයා සහ තවත් සභාපතිවරුන් තිදෙනකු සම්බන්ධ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රීලනිප විනය මණ්‌ඩලයට බලය පැවරීමට තීරණය කළ බව ධීවර ඇමැති මහිsන්ද අමරවීර මහතා 'දිවයින'ට පැවසීය.

ඔවුනට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධව නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබුණද ඔවුන් ඊට ප්‍රතිsචාර නොදැක්‌වූ බව සඳහන් කළ ඇමැතිවරයා නිදහසට කරුණු දැක්‌වීම සඳහා තව සති දෙකක කාලයක්‌ ලබාදීමටද පක්‌ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවද ප්‍රකාශ කළේය.

එසේම පක්‌ෂය විවේචනය කරන සහ පක්‌ෂය කඩා බිඳ දැමීමට උත්සාහ කරන ඕනෑම තරාතිරමක පුද්ගලයකුට එරෙහිව ඉදිරියේදී දැඩි පියවර ගැනීමටද තීරණය කළ බවද පාර්ලිමේන්තුවේ පොදු විපක්‌ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ස්‌වාධීනව කටයුතු කිරීමට අවසර ලබා නොදීමටද තීරණය කළ බව මහින්ද අමරවීර ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12 වැනිදා) සවස 2.00 ට පක්‌ෂයේ මධ්‍යම කාරක සභා රැස්‌වීම පැවැත්විණි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.