දඩ කොළ ගෙවන්න තැපෑල රෑටත් වැඩ

ප්‍රියදර්ශන ලියනගේ

මාර්ග නීති රීති කඩ කරන රියෑදුරන්ට පොලිසිය විසින් ලබා දෙන දඩ කොළ ගෙවීම සඳහා ප්‍රධාන නගරවල රට පුරා පිහිටි තැපැල් කාර්යාල හැටක්‌ පෙ.ව. 8.00 සිට රාත්‍රි 8.00 දක්‌වා විවෘත කර තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

'දිවයින'ට ඊයේ (12 දා) අදහස්‌ දැක්‌වූ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා මෙසේ කීවේය. මෙම තීරණය හොඳ තීරණයක්‌, නමුත් නිසි අධීක්‍ෂණයකින් තොරව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළොත් තැපැල් දෙපාර්තමේන්තුව තවත් පරිහානියකට පත්වීම වළක්‌වන්න බැහැ.

විශේෂයෙන් රාත්‍රි කාලයේ සේවයෙහි නියුතු නිලධාරීන්ට අතිකාල ගෙවන්න වෙනවා. ඒ වගේම විදුලි බිල් සඳහා අමතර මුදලක්‌ වැය කරන්න වෙනවා. ඒ වගේම ආරක්‍ෂාව තහවුරු කරන්නත් වෙනවා. මෙය තැපෑල වෙත පැටවෙන අමතර බරක්‌. දැනටත් තැපෑල පාඩු පිටයි පවත්වා ගෙන යන්නේ. එම නිසා මෙම වැඩසටහන නිසි අධීක්‍ෂණයක්‌ ඇතිව පවත්වාගෙන යැම රජයේ වගකීමක්‌.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.