අග්නිදිග ආසියාවේ 'අයිසිස්‌' පැතිර යයි
එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් කියයි

කීර්ති වර්ණකුලසූරිය

අයිසිස්‌ ත්‍රස්‌තවාදය අග්නිදිග ආසියාව වෙත ව්‍යාප්ත වන බව එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (12 දා) විශේෂ වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කරමින් අනතුරු අඟවා ඇත.

මහ ලේකම්වරයා මෙම අනතුරු ඇඟවීම කරන අවස්‌ථාවේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසලක අන්තවාදී ක්‍රියාවක්‌ පිළිබඳ  දේශන පැවැත්වෙන බවට වාර්තා වී තිබේ.

බෑන් කී මූන්ගේ මෙම වාර්තාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට ද ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ අයිසිස්‌ ක්‍රියාකාරීන් 43 ක්‌ ද සිරියාවට ගිය බවට මෙරට බුද්ධි අංශ සොයාගෙන තිබේ. එහෙත් සිරියාවට ගිය අන්තවාදීන් පිරිස කොතෙක්‌ දැයි මෙතෙක්‌ වාර්තා වී නැත.

අයිසිස්‌ ත්‍රස්‌තවාදයට සම්බන්ධ වූවන් කොළඹ, කොළොන්නාව, මහනුවර ඇතුළු ප්‍රදේශ කීපයක සිටින බවත් බුද්ධි අංශ වාර්තාවේ සඳහන් වී තිබේ.

ඇතැම් පාර්ශ්ව ශර්යා නීතිය ඉගැන්වීමට ද කටයුතු කරන බව වාර්තා වී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.