භික්‌ෂු කතිකාවතට සංශෝධන සකස්‌ කිරීම මහනාහිමිවරුන් සමග සාකච්ඡාවකින් පසු

රනිල් ධර්මසේන

ථෙරවාදී භික්‌ෂු කතිකාවත් පනත් කෙටුම්පතට සංශෝධන සකස්‌ කිරීම මහානායක හිමිවරුන් සමඟ සිදු කරන සාකච්ඡාවලින් පසුව සිදුකිරීමට රජය තීරණය කර ඇත.

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම කෙටුම්පතේ වගන්ති කිහිපයක්‌ සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක්‌ හා ජනමත විචාරණයක්‌ අවශ්‍ය බවට ශ්‍රෝෂ්ඨාධිකරණය පසුගියදා තීරණය කළේය.

ඒ අනුව අදාළ වගන්ති සංශෝධනය කළ යුත්තේ කෙසේද කෙටුම්පතට තවදුරටත් ඇතුළත් කළ යුතු කරුණු මොනවාද යන්න මහානායක හිමිවරුන් ඇතුළු භික්‌ෂූන් වහන්සේ සමඟ සාකච්ඡා කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් පනතේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම හදිසියේ සිදු නොකොට ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇතැයි ද වාර්තා වෙයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.